spot_img
spot_imgspot_img

කොටස් වෙළඳ පොළට අලුතින් එකතුවන සමූපකාර රක්ෂණ සමාගම

පුවත්

විදෙස්

කොළම කොටස් වෙළෙඳ පොළෙහි සිදුකරන මූලික කොටස් නිකුතුවක් සඳහා සමූපකාර රක්ෂණ සමාගම (Co-Operative Insurance Company Limited) සූදානම්ව සිටියි.

එහි මූලික කොටස් නිකුතුව ලබන දෙසැම්බර් 20 වැනි දා සිදුකිරීමට නියමිතය.

සමූපකාර රක්ෂණ සමාගම 1999 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර සමූපකාර ක්ෂේත්‍රය හා බද්ධවී සිදුකරන ලද එහ ව්‍යාප්තිය සමඟ මේ වනවිට ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් අතර ‍තුන්වැනි විශාලතම ශාඛා ජාලය තමන් සතු බව එම සමාගම පවසයි.

සමූපකාර ණය ලබාදීමේ වැඩපිළිවෙල යටතේ මිල දී ගත් ත්‍රී රෝද රථ සහ යතුරුපැදි රක්ෂනයෙන් ඇරඹි සමූපකාර රක්ෂණ සමාගම විශේෂයෙන් ම මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන් විශාල පිරිසකට ගැලපෙන පරිදි නම්‍යශීලී රක්ෂණ ක්‍රම හඳුන්වාදුන් සමාගමක් ලෙස ප්‍රකටව පවතී. එහි දී පාරිභෝගික සේවයේ විශිෂ්ඨත්වය සහ නවෝත්පාදනය මෙ සමාගමේ සාර්ථකත්වයට වඩාත් ඉවහල් වී තිබේ.

සමාගමේ මූල්‍ය ශක්තිය තවදුරටත් තහවුරු කරමින්, පසුගිය වසර කිහිපය තුළ සමාගම BBB + ධනාත්මක ඉදිරි දැක්මක් සහිත සමාගමක් ලෙස (BBB+ positive outlook) ෆිච් ශ්‍රේණිගත කිරීමකින් (Fitch rating) ද පිදුම් ලබන ලදී. එහි කළමනාකාරිත්වයේ මූලෝපායික විශේෂඥතාව සහ තහවුරු කළ මූල්‍ය ස්ථාවරත්වය නිසා බර තබන ලද භාණ්ඩාගාර බිල්පත් පොළී අනුපාතයෙහි සාමාන්‍යට (general weighed average Treasure bill rate) වඩා ඉහළ ලාභාංශ ලබා දීමට සමූපකාර රක්ෂණ සමාගමට හැකි වී තිබේ.

සමූකාර රක්ෂණ සමාගම පවසන්නේ දැඩි අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් වූ පසුගිය වසරක කාලයේ දී පා තම මූල්‍ය ශක්තිය වර්ධනය කරග නිමින් සමාමේ ඉපැයුම් ශුද්ධ රක්ෂණ වාරිකය 5%කින් වර්ධනය කරගැනීමට සමත්වූ බවයි.

කොවිඩ් වසංගතය පැවති 2020 වර්ෂයේ දී සමාගම රුපියල් මිලියන 695ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර මෙය පෙර වසර සමඟ සැසඳූ විට 155%ක විශාල වර්ධනයකි. මේ හේතුවෙන් මෙරට ප්‍රධානතම රක්ෂණ සමාගම් 10 අතරට පත්වීමට සමූපකාර රක්ෂණ සමාගමට ද හැකියාව ලැබිණි.

2020 මූල්‍ය වර්ෂ තුළ සමූපකාර රක්ෂණ සමාගම (සාමාන්‍ය රක්ෂණ) සිය වෙළෙඳපොළ කොටස 4.06% ක් දක්වා වර්ධනය කර ගත් අතර මෙම අගය 2019 වසරේදී දැක්වුනේ 3.89‍% ක් ලෙසින්ය. සාමාන්‍ය රක්ෂණ කර්මාන්තයේ 2020 වර්ෂයේ දළ ලේඛනගත රක්ෂණ වාරික වර්ධන වේගය -2.24‍% සමග සැසඳීමේදී කෝපරේටිව් ඉන්ෂූරන්ස් සිය දළ ලේඛනගත රක්ෂණ වාරික වර්ධන වේගය 2‍% කින් වර්ධනය කර ගැනීමට සමත් වී ඇත. එමෙන්ම සමාන්‍ය රක්ෂණ කර්මාන්තයේ වර්ෂ 5ක දළ ලේඛන රක්ෂණ වාරික සාමාන්‍ය 8.95‍% ක් ලෙස සටහන් වන විට සමාගමේ වර්ෂ 5ක දළ ලේඛනගත රක්ෂණ වාරික සාමාන්‍ය සාමාන්‍ය 4.06‍% ක් ලෙස සටහන් වේ.

කෝපරේටිව් ඉන්ෂූරන්ස් මෙරට සාමාන්‍ය රක්ෂණ සේවා කර්මාන්තයේ වෙළෙඳපොළ ප‍්‍රසාරණය සඳහා ඉහළ දායකත්වයක්  ලබාදෙමින් 2020 වර්ෂය තුළ නව රක්ෂණ ගිවිසුම් 945,743 ක් නිකුත් කර ඇත. 2020 වසර තුළ සමාගමේ බදුපසු ලාභය 155‍% කින් වර්ධනය වෙමින් රුපියල් මිලියන 695 ක් වූ අතර පෙර වසර සමග සැසඳීමේදී සමාගමේ බදුපෙර ලාභය 120% ක වර්ධනයක් ද සමගින් රුපියල් මිලියන 940 ක් දක්වා වර්ධනය කර ඇත.

මෙමගින් කෝපරේටිව් ඉන්ෂූරන්ස් හි සේවකයන්ට සහ ගනුදෙනුකරුවන්ට එහි සේවා වෙත පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස ප‍්‍රවේශ වීමට අවස්ථාව උදාවිිය.  ඒ අනුව සමූපකාර රක්ෂණ සමාගමේ www.ci.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් පාරිභෝගිකයින්ට මෝටර් රථ රක්ෂණ ඔප්පු පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව උදාවිය.

කෝපරේටිව් ඉන්ෂූරන්ස් විසින් ශ‍්‍රී ලංකාව තුළ රක්ෂණ සමාගමක් විසින් ආරම්භ කළ පළමු පුහුණු ඇකඩමිය Coopinsu Training Academy නමින් ආරම්භ කරන ලදි. මෙමගින් සමාගමේ සේවකයන්ට තම කුසලතා ශක්තිමත් කර ගැනීමට සහ ඔවුන්ගේ නිපුණතාවන් තවදුරටත් ඉහළ නංවාලීමට අවස්ථාව උදා වෙයි. මෙය ගනුදෙනු කරුවන්ට ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා සෘජුවම හේතුවන කරුණකි.

ප‍්‍රමුඛ පෙළේ දේශීය හා විදේශීය පුහුණු කරුවන් සමඟ සම්බන්ධ වීමට සහ උසස් තත්වයේ අධ්‍යාපන පහසුකම් සඳහා ප‍්‍රවේශය වීමට අවස්ථාව හිමි වනු ඇත . එසේම මෙම ඇකඩමිය එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනයේ (UK CII)විභාග සඳහා ලියාපදිංචි ආයතනයක් වීමද විශේෂත්වයකි.

රටේ ප‍්‍රමුඛ පෙළේ රක්ෂණකරුවෙකු සහ විශාලතම හිමිකම් සපයන්නකු ලෙස සමූපකාර රක්ෂණ සමාගම රට පුරා සිටින පුළුල් පාරිභෝගික පිරිසකගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි දැරිය හැකි රක්ෂණ වාරික පිරිනැමීමට කටයුතු කරයි. මෙම දැක්ම සමඟින්, ග‍්‍රාමීය සහ නාගරික ප‍්‍රජාවන්ගේ රක්ෂණය පිළිබඳ ඇති අදහස වෙනස් කිරීමට සමත් විය. පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට අනුකූල රක්ෂණ විසඳුම් ලබාදීමටත්  කෝපරේටිව් ඉන්ෂූරන්ස් ඇප කැප වී කටයුතු කිරීමට අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!