spot_img
spot_imgspot_img

රට යාම ප්‍රශ්නයක් වෙයි ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලාංකිකයන් 2,565,365 දෙකු පසුගිය වසර 02ක කාලයේ දී විදේශගත වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවක් පෙන්වාදෙයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසන්නේ ඒ අතරින් 1,125,758 දෙනකු පසුගිය වසරේ දී 2022 වර්ෂයේ දී ද 2023 වර්ෂයේ දී 1,437,607 දෙනකු ද විදේශ ගතව ඇති බවයි.  

ඒ අතරින් විදේශ රැකියා සඳහා ගොස් ඇති සංඛ්‍යාව 608,925කි. එම සංඛ්‍යාව පසුගිය වසර දෙකක කාලයේ දී විදේශගත වී ඇති අයගෙන් 25%ක ප්‍රතිශතයකි.

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ විදේශගත වූ අයගෙන් 70%ක් පමණ ඉහළ වෘත්තීය සුදුසුකම් සහිත වෛද්‍යවරුන්, නීතිඥයන්, ගණකාධිකාරීවරුන් ඇතුළු පිරිස බවයි. පසුගිය වසරේ දී විදේශ රැකියා සඳහා ගිය පිරිස අතරින් 34%ක් ම වයස අවුරුදු 25-34ත් අතර පසුවන අතර විදේශගත වූවන්ගෙන් 55%ක පිරිමි පුද්ගලයන් ය. කාන්තාවන් ප්‍රමාණය 45%කි.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුගිය වසර දෙකේදී නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 1,820,479ක් වෙයි.

ආර්ථික අගහිඟකම් සහ අපේක්ෂා භංගත්වය යනාදී කාරණා හේතුවෙන් මෙම පිරිස මෙසේ විදේශවලට ගොස් ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!