spot_img
spot_imgspot_img

දීවාලී උත්සවයෙන් පසු දිල්ලියේ වායු දූෂණය දරුණු අතට

පුවත්

විදෙස්

දීවාලී උත්සවයෙන් පසු ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය දරුණු තත්ත්වයට පත්වීම හේතුවෙන් වායු ගෝලය අඳුරු පැහැයක් ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

නගරයේ ජනතාව තහනම නොතකා විශාල වශයෙන් රතිඤ්ඤා දැල්වීම හේතුවෙන් මෙම තත්ත්වය උදා විය.

අසල්වැසි ප්‍රාන්ත වල ගොවීන් බෝග අවශේෂ පිළිස්සීම ද වායු දූෂණයට හේතුවක් වෙයි. ඒ සමගම එළඹෙන දීවාලී උත්සව සමයේ ගිණිකෙළි හේතුවෙන් වාතයේ ගුණාත්මක බව තවත් නරක අතට හැරෙයි.

රජයේ වායු තත්ත්ව නිරීක්සනයන්ට අනුව දිල්ලි නගරයේ සමහර ප්‍රදේශ වල දූථිත අංශු සාන්ද්‍රණය ඝන මීටරයකට 999ක් ලෙස සටහන් වී ඇති අතර එය උපරිම කියවීමකි. ස්ථාන කිහිපයක 500 හෝ ඊට ආසන්න අගයක් වාර්.ා කර ඇති අතර එය “දරුණු” ලෙස වර්ගීකරණය කර ඇති මට්ටම වෙයි.

පරිසර දූෂණය අවම කිරීම සඳහා ඉන්දීය රජය මෙම වසරේ දී රතිඤ්ඤා විකිණීම සහ පිපිරවීම තහනම් කළේය. නමුත් නගරවාසීන් ඒ ගැන තැකීමක් කර නොතිබිණි.

අද(05) උදෑසන දිල්ලි නගරය ඝන දුමාරයකින් වැසී ගොස් තිබුණු අතර උගුර කැසීම සහ ඇස් වලින් කඳුළු ගලා යෑම වැනි අපහසුතා ඇතිවූ බවට ජනතාව පැමිණිලි කර තිබිණි.

දිල්ලිය ලෝකයේ වඩාත්ම දූෂිත අගනුවර බවට පත්වීමට, වාහන සහ කර්මාන්තශාලා වලින් පිටවන දුම්, දූවිලි හා කාලගුණික රටාවන් හේතුවී තිබේ. එසේම ලෝකයේ දරුණුතම වායු දූෂණය ඇති රට ඉන්දියාවයි. ලෝකයේ වඩාත්ම දූෂිත නගර 30න් 22ක්ම ඉන්දියාවේ නගර වෙයි. විෂ සහිත වාතය හේතුවෙන් ඉන්දියායව් සෑම වසරකම මිලියනයකට වඩා පිරිසක් මිය යන බව ද විද්‍යාඥයෝ පවසති.

https://www.bbc.com/news/world-asia-india-59172888

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!