spot_img
spot_imgspot_img

දකුණු ආසියාතිකයන් තුළ කොරෝනා අවදානම වැඩි කරන ජානයක්

පුවත්

විදෙස්

කොරෝනා රෝගයේ අවදානම වැඩිකරන ජානයක් අනාවරණය කර ගැනීමට බ්‍රිතාන්‍ය, ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් සමත් වී සිටිති. ඔවුන් පවසන්නේ මෙම ජානය සහිත අයට කොරෝනා හේතුවෙන් සිදුවන පෙනහළු අකර්මන්‍ය වීම සහ මාරාන්තික බවේ අවදානම දෙගුණ වන බවයි.

දකුණු ආසියාතික සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් 30%ක් ද යුරෝපීයයන්ගෙන් 15%ක් ද මෙම අධි අවදානම් ජානය ගෙන යන බව ඔවුහු පවසති. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ බ්‍රිතාන්‍යයේ සහ දකුණු ආසියාවේ සමහර ජන කොටස් අතර කොරෝනා අධි අවදානමක් ඇතිවීමට මෙම ජානය හේතු විය හැකි බවයි.

LZTFL1 ලෙස හඳුන්වන මෙම ජානය කොරෝනා ‍අවදානම වැඩිකිරීම කෙරෙහි බලපාන්නේදැයි තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා කෘත්‍රීම බුද්ධිය සහ අණුක තාක්ෂණය ද යොදා ගෙන තිබේ.

කෙසේ වුවද කොරෝනා එන්නත මෙහි අවදානම සැලකිය යුතු ලෙස අඩු කිරීමට උදව් වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

“අපට අපගේ ජාන වෙනස් කළ නොහැකි වුවත්, වැඩි අවදානමක් සහිත පුද්ගලයන්ට එන්නත මගින් විශේෂ ප්‍රතිලාභ ලැබෙනු ඇති.” යැයි ප්‍රධාන පර්යේෂක මහාචාර්ය ජේම්ස් ඩේවිස් පවසයි. කෙසේවුවත් මෙම අවදානම් ජානය සියලුම ජන කොටස් වලට එකසේ බල නොපාන බව ද ඔහු පෙන්වා දෙයි.

https://www.bbc.com/news/health-59165157

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!