spot_img
spot_imgspot_img

සහල් මිල යළි ඉහළ දමලා

පුවත්

විදෙස්

 සහල් නිෂ්පාදකයන් විසින් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40.00කින්  සහ සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 15.00කින් යළි ඉහළ දමා ඇතැයි ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා පවසයි.

මේ අනුව කීරි සම්බා කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 210.00ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 155.00ක දක්වා ද නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 130.00ක් දක්වා ද ඉහළ ගොස් තිබේ.

රජය පාලන මිල ඉවත්කිරීමෙන් පසු නාඩු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 115.00කට, සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 140.00කට සහ කිරී සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 165.00කට අළෙවි කරන බව මහා පරිමාන මෝල් හිමියෝ මීට පෙර සඳහන් කර තිබිණි.

සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්වරයා පවසන්නේ රජය සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමෙන් පසු මහා පරිමාන සහල් නිෂ්පාදකයන් තම හිතුමතයට සහල් මිල ඉහළ දමමින් සිටින බවයි. මුදිත පෙරේරා පවසන්නේ මීට පෙර අඩු මිලට ගත් වී සහල් බවට පත්කරන අතර ගොවීන් වී සඳහා වැඩි මිලක් ද ලබා දී සහල් මාෆියාවක නිරතවීමට මහා පරිමාන නිෂ්පාදකයන් කිහිප දෙනකු කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!