spot_img
spot_imgspot_img

බ්‍රහස්පතිගේ ට්‍රෝජන් ග්‍රහක අධ්‍යයනයට මෙහෙයුමක්

පුවත්

විදෙස්

බ්‍රහස්පතිගේ ට්‍රෝජන් ග්‍රහක පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා නාසා ආයතනය ප්‍රථම වරට සෙනසුරාදා මෙහෙයුමක් දියත් කළේය.

ෆ්ලොරිඩාහි කේප් කැනවරල් ගුවන් හමුදා මධ්‍යස්ථානයෙන් අද(16) උදෑසන දියත් කළ ඇට්ලස් වී රොකට්ටුවෙන් ලුසී ලෙස නම් කරන ලද ‍මෙම පරීක්ෂණ කට්ටලය අභ්‍යවකාශයට ගෙන ගිය බව නාසා ආයතනය පවසයි. මෙය වසර 12 ක ගවේෂණයකි.

ට්‍රෝජන් ග්‍රහක සෞරග්‍රහ මණ්ඩලයේ බාහිර ග්‍රහලෝක නිර්මාණය සඳහා දායක වූ ප්‍රාථමික ද්‍රව්‍යයන්ගේ අවශේෂ යැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ ට්‍රෝජන් ග්‍රහක හතක් සමීපයට පියාසර කිරීම මඟින් වසර බිලියන 4.5 කට පමණ පෙර සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක බිහි වූයේ කෙසේද යන්න සහ ඒවායේ වර්තමාන සැකැස්ම හැඩ ගැස්වූයේ කෙසේද යන්න පිළිබඳව නව හෝඩුවාවන් ලබා ගැනීමයි.

කාබන් සංයෝග වලින් පොහොසත් යැයි විශ්වාස කරන මෙම ග්‍රහක අධ්‍යයනය මගින් කාබනික ද්‍රව්‍යයන්ගේ මූලාරම්භය සහ පෘථිවියේ ජීවීන් පිළිබඳ නව අවබෝධයක් ලබා දීමට පවා ඉඩ ඇතැයි නාසා ආයතනය පවසයි.

https://www.reuters.com/lifestyle/science/nasa-launch-first-space-probe-study-jupiters-trojan-asteroids-2021-10-16/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!