spot_img
spot_imgspot_img

අපනයන ආදායමෙන් Expo Lanka ඉහළ ලාභයක් ලබයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 19,788ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,648ක් බවට වාර්තා විය.

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 104කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ ඒකක 9,621ක් බවට පත්විය.

දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර සම්පත් බැංකුව රුපියල් මිලියන 604යි, එක්ස්පෝ ලංකා රුපියල් මිලියන 364යි, එයිට්කන් ස්පෙන්ස් රුපියල් මිලියන 226යි ලෙස ද , වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 12යි, කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 12යි, සම්පත් බැංකුව කොටස් මිලියන 11යි ලෙස කැපී පෙණිනි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර මල්වත්තවැලි වැවිලි සමාගම (ඡන්ද බලය රහිත) 21%ක ප්‍රතිශතයකින් ද, ඊස්ටන් මර්චන්ට් සමාගම 12.5%කින් ද, හුන්නස්‍ෆෝල්ස් සමාගම 11%කින් ද කොටස් මිල ඉහළ යනු දක්නට ලැබිණි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 377ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, රුපියල් බිලයන 287ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලියන 207ක් වාර්තා කළ කොමර්ෂල් ලීසිං සමාගම  තුන්වැනි ස්ථානයට ද පත්ව තිබිණි.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර ඉන්දියන් ඔයිල් සමාගම කොටස් මිලියනයක් රුපියල් 27.00 බැගින් ද, ලාෆ් ගෑස් සමාගම කොටස් මිලියනයක් රුපියල් 27.00 බැගින් ද , කලම්බු ෆෝර්ට් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 15.70 බැගින් ද ආසිිරි රෝහල් සමූහය කොටස් මිලියන 1.3ක් රුපියල් 33.50 බැගින් ද එයිට්කන් ස්පෙන්ස් සමාගම කොටස් 1,052,000ක් රුපිය් 85.00 බැගින් ද, සම්පත් බැංකුව කොටස් මිලියන 10ක් රුපියල් 54.50 බැගින් ද හුවමාරු විය.

අද දිනයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 22ක කොටස් මිලදී ගෙන ඇති අතර රුපියල් මිලියන 27ක කොටස් විකුණා තිබේ. ඒ අනුව විදේශීය ආයෝජකයන් විසින් අද දිනය තුළ ශුද්ධ ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් මිලියන 06ක මුදලක් ඉවත්කරගෙන ඇත.

අද දිනය දක්වා විදේශ ආයෝජකයන් විසින් 2021 වර්ෂයේ දී පමණක් රුපියල් බිලියන 45.274ක් ඉවත්කරගෙන තිබේ.

විදේශීය ආයෝජකයන් අද දිනයේ දී කොටස් විකුණූ සමාගම් අතර කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 6.6යි, රේණුක ෆුඩ් සමාගම රුපියල් මිලියන 3.9යි, ලංකෙම් ඩිවෙලොප්මන්ට් රුපියල් මිලියන 3.8ක් ලෙස ද, විදේශීය ආ‍යෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර අහුංගල්ල හෝටල් සමාගම රුපියල් මිලියන 2.1යි, ටෝකියෝ සිමෙන්ට් (ඡන්ද බලය රහිත) රුපියල් මිලියන 3.9යි, සෙන්ට්‍ර් ඉන්ඩස්ට්‍රීස් රුපියල් මිලියන 03ක් ලෙස ද කැපී පෙණිනි.

එක්ස්පෝ ලංකා සමාගමේ මව් සමාගම වන ජපානයේ ක්‍රියාත්මක SGH සමාගම කොරෝනා වසංගතය හේතුවෙවන් ගුවන් මගින් සහ නැව් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් අධික ලාභයක් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ එක්ස්පෝ ලංකා සමාගම ද අධික ලාභයක් ලබාගැනීම හේතුවෙන් රුපියල් බිලියන 400ක වත්කම් සම්පූර්ණ කරන මෙරට ප්‍රථම සමාගම වන බවට සාධක ඉදිරිපත් වී ඇත.

ලෝකයේ සංචාරය කළ හැකි  හොඳම රටවල් 05 අතරට ශ්‍රී ලංකාව එක්වීමත් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඉදිරි කාල සීමාව සඳහා ස්ථාවර තැන්පතු ‍මිල ගණන් වෙනස් නොකරන බවට අද දින නිවේදනය කිරීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය ඉක්මණින් ම ඒකක 10,000 ඉක්මවා යනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළ කර සිටියි.

(විශ‍්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!