spot_img
spot_imgspot_img

රජය ගොවීන් රවටයි. කාබනික පොහොර යැයි කියා ගෙන්වා ඇත්තේ රසායනික පොහොර තොගයක්

පුවත්

විදෙස්

කාබනික පොහොර ලෙස පවසමින් රජය විසින් මෙරටට ගෙන්වා ඇත්තේ කාබනික පොහොර වර්ගයක් නොවන බවත් එය රසායනික පොහොර තොගයක් බවත් මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසයි.

ඇය මේ බව පවසමින් වැඩිදුරටත් කියා සිටියේ පොහොර කාබනික වීමටනම් කාබන් සහ හයිඩ්‍රජන් යන සංඝටක වර්ග දෙකම තිබිය යුතු බවයි. නමුත් කාබනික ලෙස හඳුන්වන්නේ ජීවී සංඝටක බව ද ඇය කීවාය.

“රජය විසින් ගෙනවිත් තිබෙන පොටෑසියම් ක්ලෝරයිඩ් මේ කරුණු දෙකම සම්පූර්ණ කරන්නේ නැහැ. එ්වා කාබනික පොහොර නෙවෙයි. ඒවා රසායනික පොහොර. රසායන විද්‍යාව අනුව යූරියා කියන්නේ කාබනික සංයෝගයක්. නමුත් ඒවා රසායනිකව නිෂ්පාදනය කරනවා. නමුත් කාබනික පොහොර ලෙස හඳුන්වන්නේ ශාක කොටස් වැනි කිසියම් හෝ ජීවී ද්‍රව්‍යයක් යොදාගනිමින් නිෂ්පාදනය කරන පොහොර වර්ගයක්. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ යම්කිසි ඛනිජ නිධියකින් ලබාගන්නා අකාබනික ලවණයක්.” යැයි ද මහාචාර්යවරිය වැඩිදුරටත් කීවාය.

මෙරටට ගෙනවිත් ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් මියුරේට් ඔෆ් පොටෑෂ් ලෙස භාවිතා කරන රසායනික පොහ‍ොරක් බව ද ඇය පවසන්නීය.

කෘෂිකර්ම අමාත්‍යවරයාට පොහොර ගැන දැනුමක් නැතැයි සිතිය හැකි වුව ද එම අමාත්‍යාංශයේ ලේකම්වරයා කෘෂි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ මහාචාර්ය වරයෙකි. එමෙන් ම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දැනුම සහ පළපුරුද්ද සහිත නිලධාරින් විශාල සංඛ්‍යාවක් සිටින බව ද ඇය පෙන්වා දෙයි.

එසේ වුව ද කාබනික පොහොර බව සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති පොහොර කාබනික පොහොරක් නොවන බවත් එය රසායනික පොහොරක් බවත් මෙය රටම මුලාවේ දැමීමක් බවවත් මහාචාර්ය මෙත්තිකා විතානගේ කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!