spot_img
spot_imgspot_img

කූඹියෝ, ශල්‍ය වෛද්‍යවරුන් පුදුමයට පත්කරති

පුවත්

විදෙස්

කුඩා ජීවීන්ට පහසුවෙන් යමක් කපා දැමීමට, සිදුරු කිරීමට හෝ දෂ්ඨ කිරීමට හැකියාව ඇත්තේ ඔවුන් සතුව ඇති අපරු මෙවලම් කට්ටලයක් ‍‍හේතුවෙන් බව නව පර්යේෂණයකින් හෙළි වී තිබේ.

ජාත්‍යන්තර නේචර් සඟරාවේ පළකර ඇති එම විද්‍යාත්මක පර්යේෂණය සිදුකර ඇත්තේ ඔරිගන් විශ්වවිද්‍යාලයේ (University of Oregon) පර්යේෂණ කණ්ඩායමක්, එක්සත් ජනපද බලශක්ති දෙපාපර්තමේන්තුව U.S. Department of Energy’s (DOE’s) ශාන්තිකර වයඹදිග ජාතික රසායනාගාර Pacific Northwest National Laboratory (PNNL) සහයෝගීතාවයෙනි.

කුහුඹුවන්, පණුවන්, මකුළුවන් ඇතුළු අනෙකුත් කුඩා ජීවීන් ඉතා පහසුවෙන් ඕනෑම දෙයක් කපා දමන්නේ කෙසේ ද යන්න මේ පර්යේෂණයේ දී සොයා බලා ඇත. පර්යේෂකයන් පවසන්නේ ඔවුන් සතුව ඇති මේ හැකියාව වඩු කාර්මිකයන් සහ ශල්‍ය වෛද්‍යවරුන් පවා පුදුමයට පත්කරනු ඇති බවයි.

කුහුඹුවකු දෂ්ඨ කිරීම

කුහුඹුවන්ට දත් පිහිටා තිබේ. කුහුඹු ජනපදයකට පාද තබා ඇති ඕනෑම කනෙකුට ඒවායේ වේදනාව අත්විඳින්නට සිදුව ඇත. මේ දත් පිහිටා ඇත්තේ මුඛයෙන් පිටතය ඒ නිසා ඒවා හඳුන්වන්නේ “මැන්ඩිබුලර් දත්” යනුවෙනි. මේ විශේෂ ව්‍යුහය සෑදී ඇත්තේ සින්ක් ලෝහයේ තනි පරමාණු තදින් බැඳ තබන ජාලයකිනි.

මෙම අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධානියා වූ ඔරිගන් විශ්වවිද්‍යාලයේ (University of Oregon) මහාචාර්ය ර‍ොබට් ස්කොෆීල්ඩ් මෙවැනි විශේෂිත මෙවැනි මෙවළම් ගැන වසර ගණනාවක් අධ්‍යයනය කර තිබේ. ජෛව භෞතික විද්‍යාඥයන් කණ්ඩායමක් මේ ඉතාමත් කුඩා ව්‍යහයේ දෘඪතාව, නම්‍යතාව, අස්ථි බිඳීමේ ශක්තිය, වෙනත් පෘෂ්ඨයන්ට කළ හැකි බලපෑම් මැන බලා තිබේ.

එසේ වුව ද කුහුඹුවන්ගේ දත් සහ අනෙකුත් අන්වීක්ෂිය සත්ව මෙවලම් සෑදී ඇති ද්‍රව්‍ය පරමාණුක පරිමානයෙන් දැක ගැනීමට හැකිවී හැකිවී තිබුණේ නැත.

PNNL විද්‍යාඥ අරුන් දේවරාජ් ටොමොග්‍රැෆි නම් විශේෂ අන්වීක්ෂීය තාක්ෂණය භාවිතා කිරීමේ ප්‍රවීණයෙකි. ඔහු අයන කදම්භ අන්වීක්ෂයක් භාවිතා කරමින් කුහුඹුවන්ගේ මුඛයෙන් කුඩා දත් නියැදි ලබාගෙන ඒවා පරමාණු පරීක්ෂණ ටොමොග්‍රැෆි මගින් නිරීක්ෂණය කර තිබේ. එමගින් තහවුරු වී ඇත්තේ කුහුඹුවන්ගේ මුඛයේ දත් තනි පරමාණුවලින් සැකසී ඇති බවයි.

දේවරාජ් සමඟ ආචාර්ය ෂියාඕයු වැන්ග් විසින් කුහුඹුවාගේ දතෙහි සින්ක් පරමාණු සැකැස්ම ප්‍රථමවට අනාවරණය කර තිබේ.

ආචාර්ය දේවරාජ්

“සින්ක් ලෝහය දතේ ඒකාකාරීව තිබෙන අයුරු අපට දැකිය හැකි වුණා. මෙය පුදුමයක්.” යැයි දේවරාජ් පවසයි. ඔවුන් අපේක්ෂා කළේ සින්ක් නැනෝ ගැටිතිවල පොකුරු ලෙස තිබිය හැකි බවයි.

පර්යේෂකයන් පවසන්නේ මේ ජෛව සැකැස්ම අතිශය තියුණු වන බවයි. ඔවුන්ගේ කැපුම් මෙවළම් මිනිසුන්ගේ දත්වලට සමාන ද්‍රව්‍යයකින් සැකසී තිබුණේනම් ඔවුන්ට යෙදිය හැකි වන්නේ මීට වඩා 60%ක් පමණ අඩුවෙන් වූ බලයක් බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත් මේ ව්‍යුහයෙන් යමක් කපා දැමීමට ඉතා අඩු බලයක් අවශ්‍ය වන හෙයින්, කුඩා මාංශ පේෂි යොදා අඩු ශක්තියක් වැය කිරීමෙන් විශාල ප්‍රතිඵලක් අත්පත් කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

සෑම මකුළුවෙක් ම, කුහුඹුවෙක් ම හෝ වෙනත් කෘමීන්, පණුවන් වැනි සතුන්ට මේ ආකාරයේ මේ ආකාරයේ මෙවලම් තිබීමෙන් විශාල වාසියක් ලැබී ඇති බව ද ඔවුන් පවසයි.

කුහුඹුවන්ගේ දත් ගැන පරීක්ෂණ

“මානව ඉංජිනේරුවන්ටත් මෙම ජීව විද්‍යාත්මක උපක්‍රමයෙන් ඉගෙන ගත හැකියි. මේ සැකැස්ම ඉතා දැඩි වුවත් එහි බි‍‍ඳෙන සුළු ස්වභාවයක් ද තිබෙනවා.” ස්කොෆීල්ඩ් පවසයි.

ද්‍රව්‍යවල ශක්තීන්, හැකියාව හා ඔරොත්තුදීම පිළිබද සොබා දහමෙන් ඉගෙනීමට හා තේරුම් ගැනීමට හැකිබව දේවරාජ් පවසයි.

ඔහු මේ අධ්‍යයනයෙන් පසු දැනටමත් ඇතැම් ද්‍රව්‍ය ශක්තිමත් හා හානිවලට ඔරොත්තු දෙන මූලධර්ම අධ්‍යයනය කිරීම සඳහා පරමාණුක පරිමාණයෙන් අධයයනය කිරීම සිදුකරයි.

පරමාණුක පරිමානයෙන් මෙම සැකැස්මේ ක්ෂුද ව්‍යුහය අධ්‍යයනය කිරීමෙන්, ද්‍රව්‍යවල සංයුතිය වෙනස් කිරීමෙන් එහ එයට සිදුවන හානිය ද, ප්‍රතිරෝදය හා විශේෂයෙන් ම මේ දත් සැකසී ඇති ද්‍රව්‍ය විඛාදනය වන අයුරු මෙන්ම කාලයත් සමඟ එහි හැසිරීමත් අධ්‍යයනය කිරීමට ඔහු පර්යේෂණ දියත් කර ඇත.

ඔහු පවසන්නේ ඉදිරියේ දී බොහෝ ව්‍යුහ සැළසුම් කිරීමට මේ අධ්‍යයන වැදගත් වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!