spot_img
spot_imgspot_img

කාබුල් ප්‍රහාරයේ නායකයා මරා දමමින් ඇමෙරිකාව පොරොන්දු ඉටුකරයි

පුවත්

විදෙස්

පසුගියදා කාබුල් ගුවන්තොටුපොළට එල්ල කළ බෝම්බ ප්‍රහාරයට නායකත්වය දුන් බවට විශ්වාස කරන පුද්ගලයෙකු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කළ බව ඇමරිකානු හමුදාව පවසයි.

අයිඑස් ත්‍රස්තවාදී සංවිධානයේ ඇෆ්ගනිස්ථාන ශාඛාව වන අයිඑස්-කේ කණ්ඩායමට අයත් මොහු නංගාර්හාර් පළාතේදී ඝාතනය කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා (26) එල්ලවූ එම මරාගෙන මැරෙන ප්‍රහාරය පිටුපස සිටින ජිහාඩ්වාදීන්ට දඬුවම් කරන බව ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊයේ(27) පොරොන්දු විය.

රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ මැද පෙරදිග සිට යවන ලද ඩ්‍රෝන යානයකින් මෙම සටන්කාමියා ඝාතනය කළ බවයි. ඔහු තවත් අයිඑස් සාමාජිකයෙකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇති අතර එයින් දෙදෙනාම මියගොස් තිබේ.

බටහිර රටවල් පවසන්නේ ඇෆ්ගනිස්ථානයෙන් පිටවීමට බලාපොරොත්තුව සිටින සියලුම විදේශිකයින් ඉදිරි පැය 48 තුළ ඉවත් කර ගන්නා බවයි. මේ වවිටත් 5,000ක පමණ ඇමරිකානු භට පිරිසක් මෙම කටයුතු වලට සහාය වෙමින් කාබුල් ගුවන්තොටුපොළෙහි ස්ථානගතවී සිටිති.

මේ අතර තවත් ප්‍රහාර එල්ල විය හැකි බවට ද අනතුරු අඟවා ඇති බැවින් ප්‍රවේසම් වන ලෙස ගුවන්තොටුපොළ අවට සිටින ජනතාවට දැනුම් දී තිබේ.

කෙසේවුවද තලේබාන් බලධාරීන් පවසන්නේ ගුවන්තොටුපොළේ සමහර කොටස් වල පාලනය ඔවුන් සතු කරගෙන ඇති බවයි.

පැය කිහිපයකින් ගුවන් තොටුපොළේ පාලනය, තලේබාන් සංවිධානය විසින් භාරගනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

https://www.bbc.com/news/world-asia-58364743

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!