spot_img
spot_imgspot_img

කරාපිටිය හොර බෙහෙත් ඒජන්ත ඕෂධී හේවාමද්දුම ගේ පවුලටම කොරෝනා. හොර බෙහෙත් විකුණුවත් එන්නතත් අරන්

පුවත්

විදෙස්

කොරෝනා සඳහා ඔසුවක් සොයාගත් බවට රටම රවටමින් මුදල් ගැරීමේ ජාවාරමක නිරතවන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගේ නිෂ්පාදනය බෙදාහැරීමේ කාර්ය භාරව සිටින රංගන ශිල්පී ඕෂධී හේවාමද්දුම සහ ඇගේ සැමියා ප්‍රදීප් බුලත්සිංහලටත් දරු දෙදෙනාටත් කොරෝනා ආසාදනය වී තිබේ.

උදාර සම්පත් ගුණවර්ධන නමැති වෛද්‍යවරයා කළායැයි කියන නිෂ්පාදනය බොරුවක් බවත් එය මුදල් ගරන ජාවාරමක් බවත් අප කරන ලද මුල්ම අනාවරණයේ දී ඕෂධී හේවාමද්දුම අපට අපූරු ප්‍රාර්ථනාවක් කළාය. “හරිදේට බො‍රුවක් කියලා චෝදනා කරන ඔයාටත්, ඉක්මනට ඔය බෙහෙත බොන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා” යනුවෙන් ඇය කීවාය.

එම ආනවරණය මෙතැනින්

හොර බෙහෙතක් බව සනාථ වී තිබිය දී තම දේශපාලන බලය උපයෝගී කරගනිමින් පොලිස් පරීක්ෂණ සහ මෙයට වගකිව යුතු ආයතනවල පරීක්ෂණ පවා යටපත්කරගැනීමට කටයුතු කළ ඕෂධී හේවාමද්දුමට එම නිෂ්පාදනය ගැන විශ්වාසයක් තිබුණේ නැත.

එබැවින් ඇය තම සැමියා ද සමඟ ගොස් කඩි මුඩියේ ම කොරෝනා මර්ධන එන්නත ද ලබාගත්තාය. නමුත් ඔවුන්ගේ ප්‍රචාරක යාන්ත්‍රණයේ කියැවුණේ කොරෝනාවලින් ගැලවීමට උදාර සම්පත් ගුණවර්ධන නම් වෛද්‍යවරයාගේ නිෂ්පාදනය ප්‍රමාණවත් බවයි. ඇයට තමන්ම ප්‍රචාරය කරන ඖෂධය ගැන විශ්වාසයක් තිබේනම් එන්නත අවශ්‍ය වන්නේ නැත.

එන්නත ලබාගත්ත දැන් ඇයටත්, ඇගේ සැමියාටත්, දරු දෙදෙනාටත් කොරෝනා ආසාදනය වී තිබේ.

උදාර සම්පත් ගුණවර්ධනගේ රට නොමග යවන ඖෂධ්‍ය කර තියාගෙන යන ඔහුගේ දැන්වීම් ප්‍රචාරක කාර්යය භාරව සිටින නිලධාරියාගේ මව ද කොරෝනා ආසාදනය වී මියගියාය. ඇය රෝගාතුරව සිටිය දී එම නිවසට පැමිණි වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගේ ප්‍රතිකාර කිසිවක් ඇයට සාර්ථක වූයේ නැත.

කොරෝනා වයිරසයෙන් ලෝකයේ මියයන්නේ ආසාදිත වූ අයගෙන් 2% ටත් වඩා අඩු ප්‍රමාණයකි. වෙනත් ආකාරයකින් කිවහොත් ආසාදනය වන අයගෙන් 98% ප්‍රමාණයක් කිසිදු ඖෂධයක් නොලැබම සුවය ලබති. උදාර සම්පත්ට තම ගෝලයාගේ මවටවත් මේ නිෂ්පාදනය පොවා බේරාගත නොහැකි විය.

නමුත් අපි ඕෂධීටත්, ඕෂධීගේ සැමියාට හා දරු දෙදෙනාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

මුදල් සොයන්නට රටක් නොමග යැව්වාට ඔවුන්ට ජීවත්වීමට වරම් හිිමිවිය යුතුය. දැන්වත් උදාර සම්පත් ගුණවර්ධනගේ නිෂ්පාදනය බොරුවක් බව රටම තේරුම්ගනු ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට රංගන ශිල්පිනි ඕෂධී සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද අප මීට පෙර කරන ලද හෙළිදරව්කිරීම්වලින් පසු ඔවුන් අපට ප්‍රතිචාර දක්වන්නේ නැත.

මෙම ලිපිය පළකරන අවස්ථාවේ දී රංගන ශිල්පිනී ඖෂධී සම්බන්ධකර ගැනීමට නොහැකි වූ බැවින් ඇගේ පැහැදිළිකිරීම් පසුව හෝ පළකරන බවට අපි මෙහි සටහනක් දමා තිබිණි.

ඒ අනුව අද (29) උදෑසන ඇය අපට ඇමතුමක් ගත්තාය. ඇය පවසන්නේ තමන් , තම සැමියා හෝ දරු දෙදෙනා යන කිසිවෙකුත් කොරෝනා ආසාදිතව නොසිටි බවයි. ඔවුන් ඉතාමත් නිරෝගී සුවයෙන් සිටින බවත් කොරෝනා ආසාදිත යැයි පැතිරගොස් ඇති පුවත අසත්‍යයක් බවත් ඇය පවසයි.

(නමුත් ඔවුන්ට මේ පුවත සම්බන්ධ යම් පැහැදිළිකිරීමක් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා අපි ඉඩක් වෙන්කරන බව ද දන්වා සිටින්නෙමු.)

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!