spot_img
spot_imgspot_img

GMOA සාමාජිකයෝ වෘත්තීය සමිති නායකයන්ට තර්ජනය කරති. අධිකරණයටත් අපහාසයක් ?

පුවත්

විදෙස්

කල්දමා ඇති නිලවරණය පැවැත්වීමේ කාර්යයන් හැර වෘත්තීය සමිති නාමය සහ නිල තනතුරු භාවිතා නොකරන්න යැයි මොරටුව දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලැබී ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උසාවි නි‍යෝගය පවා නොතකමින් මෙරට අනෙකුත් වෘත්තීය සමිතිවලට තර්ජනාත්මක ස්වරූපයෙන් ආමාන්ත්‍රණය කරමින් සිටියි.

නීති විශාරදයන් පෙන්වා දෙන්නේ මෙය අධිකරණයට අපහාස කිරීමක් බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල ලාංඡන හා නිල නාමයන් භාවිතා කරමින් කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ එම සංගමයේ නලින්ද හේරත් වෛද්‍යවරයා කියා සිටියේ රටේ පවතින කොවිඩ් රැල්ල පාලනය කිරීමේන පසු නැවත රටපුරා යකා නැටීමෙන් වැළකී සිටින ලෙස සියලුම වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක් (අධිකරණ වාරණයකට ලක්ව ඇති) මෙලෙස අනෙකුත් වෘත්තීය සමිති නායකයන්ට දැනුම් දීම ඔවුන්ට කරන වක්‍රාකාර තර්ජනයක් බවද එයට කිසිදු සදාචාරාත්මක අයිතියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යැයි කියාගන්නා අයට නැතැයි ද අනිකුත් වෘත්තීය සමිති නායකයෝ කියති.

වෛද්‍ය හේරත් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කියා සිටියේ මේ වනවිට වසංගත රෝග විද්‍යා ඒකකය සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවයි. එහි කටයුතු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ ඔවුන් ද වසංගත රෝග විදයා ඒකකය තම පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවත් නිසි සංඛ්‍යාලේඛන පවා නොලැබෙන බවත් පිළිගත්තේ යැයි වෛද්‍ය නලින්ද හේරත් එම මාධ්‍ය සාකච්ඡාවේ දී කියා සිටියේය.

වාරණයට ලක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු තමන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි බවට‍ මොරටුව දිසා අධිකරණයෙන් වාරණයක් ලබා දී ඇති බව දැන දැනම අදහස් දක්වවමින් කියා සිටියේ වර්තමානයේ පවතින කොරෝනා රැල්ලට වඩා විශාල පස්වැනි කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානම බැහැර කළ නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!