spot_img
spot_imgspot_img

දිසාපතිලා, පත්තිනි අම්මලා සහ පිරිත් පස්සේ දුවයි. කොරෝනා මර්ධනයට අමාත්‍යාංශ උපදෙස්

පුවත්

විදෙස්

කොරෝනා පාලනය සඳහා විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරන ලෙසත් මිත්‍යා විශ්වාසයන් අනුව යමින් ජනතාව ඒකරාශී නොකරන ලෙසත් සෞඛ්‍ය අංශ රජයට පැවසුව ද ස්වදේශ කටයුතු අමාත්‍යංශය සත් පත්තිනි පූජා සහ රතන සූත්‍ර දේශනාකර විහාරස්ථානවල ඝණ්ඨා නාද කරමින් ද දේවස්ථාන සහ අන්‍ය සිද්ධස්ථානයන් හි දී ද ආශිර්වාද පූජා පවත්වන ලෙස ද සියලු දිසාපතිවරුන්ට දැනුම් දී තිබේ.

එම ලිපියේ සඳහන් වන්නේ නවගමුව මහා පත්තිනි දේවාලයේ දී 28 වැනි දින සවස පත්තිනි දේව පූජාවක් පැවැත්වෙන බවයි. ඊට සමගාමීව දිවයින පුරා සියලු විහාරස්ථාන සහ අන්‍ය ආගමික සිද්ධස්ථානවල දී ද එවැනිම පූජා පවත්වන මෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශ දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දන්වා සිටියි.

කොරෝනා මර්ධනය කිරීම සඳහා රට සති කිහිපයකට වසා දමන්න යැයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිය දී ලබන 30 වැනි දා අළුයම දක්වා රට වසා දැමිණි. එසේ රට වසා දමා තිබෙන අවස්ථාවක දී සෑම ආගමික ස්ථානයක ම මෙවැනි පූජා පැවැත්වීම කොතරම් ප්‍රායෝගික ද යන්න අමාත්‍යාංශ මට්ටමින් හෝ තීරණය කිරීමට නොහැකිවීම අභාග්‍යයකි.

මෙම ලිපිය අනුව යමින් දිස්ත්‍රික් මට්ටමින් දිසාපතිවරු සහ ප්‍රාදේශීය ලේකම්වරු තම ප්‍රමුඛ කාර්යයක් ලෙස සළකා සෑම දිනකම සවස 6.30 සිට රටපුරා සෑම විහාරස්ථානයක ම රතන සූත්‍රය දේශනාකිරීමට දැනටමත් කටයුතු යොදා තිබේ.

පන්සල්වල ම වාසය කරන, නිතර නිතර රතන සූත්‍ර දේශනා සවනට යොමුකරගන්නා මෙන්ම රතන සූත්‍රය දේශනා කරමින් රටටම ආශිර්වාද කරනවා යැයි කියන බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිය ගණනක් කොරෝනා ආසාදිතව සිටින අතර තවත් විශාල සංඛ්‍යාවක් නිරෝධායනය වෙමින් සිටිති.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද රතන සූත්‍රය හෝ වෙනත් දේව පූජා කෙසේ වෙතත් එන්නත්කරණයට යොමුවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දී තිබූ අතර ඒ අනුව යමින් එන්නත්කරණයට යොමු වූ භික්ෂූන් වහන්සේලා ද සිටියහ.

කොරෝනා ආසිදිතව භික්ෂූන් වහන්සේලා කිහිප දෙනකුම අපවත්වූහ.

රාජ්‍ය පාලනයේ දී ඉතාමත් වැදගත් විෂයයක් වූ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය, සියලු සංවර්ධන ව්‍යාපෘති මෙහෙයවීම හා අධීක්ෂණය, ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් රැසක් පරිපාලනය කරනු ලබන අමාත්‍යාංශයක් ශ්‍රී ලංකාවේ ජනතාව එන්නත්කරණයට යොමුකිරීම වෙනුවට මෙවැනි ආගමික විශ්වාසයන් ජනගත කිරීමට උත්සාහ ගැනීම එන්නත්කරණය වැනි කොරෝනා පාලනය කිරීමේ විද්‍යාත්මක ක්‍රමයට පටහැනි කරුණකි.

රතන සූත්‍රය කීමෙන් කොරෝනා සුවකළ හැකිනම්, කොරෝනා බෝවීම වැළැක්විය හැකිනම් ගුවන්විදුලි නාලිකාවලත්, පන්සලේත්, මං සන්ධි පුරා ඇති බෝ රුක් සෙවණේත් උදේ හවස රතන සූත්‍රය ඇසෙන රටක මෙ‍තරම් කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ කෙසේ ද ලොකයේ වැඩිම මරණ අනුපාතය ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන්නේ කොසේ ද යන්න අප ප්‍රශ්න කළ යුතුය.

දෙපාර්තමේන්තුවක හෝ අමාත්‍යාංශයක ප්‍රධාන නිලධාරන්ගේ ආගමික විශ්වාසයන් රාජ්‍ය බලය, රාජ්‍ය මුදල් හා රාජ්‍ය දේපල භාවිතා කරමින් මෙලෙස ප්‍රචාරය කිරීම ගැටලුවක් නොවේ ද යන්න අප ප්‍රශ්න කළ යුතුය.

කාලි අම්මාගේ කොරෝනා පැණිය, රාවණගේ කොරොනා බෙහෙත, කරාපිටියේ දොස්තරගේ කොරෝනා හොර කරල, අළුත්වල වෙද නෝනාගේ ව්‍යාජ කොරෝනා පානය වැනි නිෂ්පාදන වරින් වර කරළියට එද්දී ඇතැම් ඒවා කර තියාගෙන ගිය නිලධාරී පැලැන්තියකින් මෙන්ම පැන් කළ ග‍ඟේ දමා  හෙලිකොප්ටරයෙන් පිරිත් පැන් ඉස කොරෝනා මර්ධනය කළ හැකියැයි සිතූ මහජන නියෝජිතයන් සිටින රටක විද්‍යාත්මක ලෙස කොරෝනා මර්ධනය කිරීමට හැකිවේද යන්න ගැටලුවකි.

එවැනි දේවලින් සිදුවූයේ ජනතාවට කොරෝන මර්ධන එන්නත ලැබීම ප්‍රමාධවීමයි. එමෙන්ම එයින් ජනතාව ඈත්වීම සහ එන්නත් පිළිගැනීමට ජනතාව මැලිවීම ද සිදුවිය. මෙහි අහිතකර ප්‍රතිඵල අපි තවමත් අත්විඳිමින් සිටිමු.

මෙවැනි දේවලින් සිදුවන්නේ දැනට සාර්ථක සිදුකෙරිමින් යන එන්නත්කරණය යළි ගුප්ත විශ්වාසයන් අවිද්‍යාත්මක ක්‍රම හේතුවෙන් අඩපණවීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!