spot_img
spot_imgspot_img

විවෘත අධිකරණයට කැඳවන්නේ හදිසි සහ අත්‍යාවශ්‍ය නඩු කටයුතු පමණයි

පුවත්

විදෙස්

කොරෝනා වසංගත තත්වය හේතුවෙවන් ලබන 31 වැනි දා දක්වා විවෘත අධිකරණය හමුවේ කැඳවන්නේ හදිසි සහ අත්‍යාවශ්‍ය නඩු පමණක් බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල දැනුම් දී ඇත.

එවැනි නඩු පාර්ශවකරුවන් වෙත දැනුම් දීමෙන් පසු මෝසමක් මාර්ගයෙන් කැඳවිය හැකි බව ද මෙම නඩු විභාගයන් පෙරවරු 11.00ට ආරම්භ කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා දැනුම් දී තිබේ.

මෙම කරුණු ඇතුලත්ව ඔහු විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විනිසුරුවරයාගේ අවසරයකින් තොරව නඩුවලට සම්බන්ධ පාර්ශවකරුවන්ට අධිකරණ ශාලාවට ඇතුළුවිය නොහැකි බවයි.

එමෙන් ම නීතිඥවරයකුට අධිකරණ ශාලාවට ඇතුළුවිය හැකිවන්නේ ද අදාළ නඩුව කැඳවන අවස්ථාවේ දී පමණි.සියළු නීතිඥවරු සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපැදිය යුුතු බවත් නඩුවලට සම්බන්ධ ලේඛන උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා පමණක් ලේඛකාධිකාරී කාර්යාලයට භාරගන්නා බවත් ලේඛකාධිකාරීවරයා නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!