ජීවිතය යදින මිනිසුන්, ආර්ථිකය වෙනුවෙන් වන්දි ගෙවීම

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

ලෝකයේ ඕනෑම දෙයක් පිළිබඳ තීන්දු, තීරණ හා නිගමන ගනු ලබන්නේ දත්ත සහ සත්‍ය තොරතුරු මත පදනම් කරගනිමිනි. එය විද්‍යාත්මක ක්‍රමවේදයකි.

රටක, ප්‍රදේශයක හෝ යම් ආයතනයක පාලන අධිකාරිය විසින් හෝ ඒ ඒ විෂයානුබද්ධ පිළිගත් පර්යේෂකයන් (ව්‍යාජ පර්යේෂකයන් නොවේ) ඉදිරිපත්කරනු ලබන තොරතුරු ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්වෙයි. ඒ මත අනාගත සැළසුම් සැකසීම පිළිගත් ක්‍රමවේදයයි.

පසුගිය වර්ෂ 100ක අතීතය සැළකූ විට ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති සියලුම දර්ශකවලින් ලබා ඇත්තේ විශාල ප්‍රගතියකි. දියුණුවකි.

මෙරට පුද්ගලයකුගේ අපේක්ෂිත ආයුකාලය වැඩි වී ඇත. මාතෘ හා ළදරු මරණ අනුපාතය බෙහෙවින් පහත වැටී ඇත. වසූරිය, ලාදුරු, මැලේරියාව, බරවා වැනි රෝග පාලනය වී ඇත. පෝලියෝ වැනි රෝග තත්වයන් ද බෙහෙවින් අඩු මට්ටමකට පත්ව තිබේ. කොටින්ම කිවහොත් අපි කුඩා කළ ගම්වල දුටු කුදු ගැසුණු ගැමියන් මෙන්ම බෙල්ලේ වායු ගෙඩි සහිත මිනිසුන් දැන් දක්නට නැති තරම්ය.

මෙරට ප්‍රතිශක්තීකරණ වැඩසටහන සමස්ත ලෝකයටම ආදර්ශයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගන්නා කරුණකි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ගැටලු කොතෙක් ඇතත් ඒ වෙනුවෙන් කැපවූ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම වසර 100ක පමණ අතීතයේ කරන ලද සියලු කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස අපි එම තත්වයට පත්ව ඇත. ඒ සඳහා විවිධ කාලවකවානුවල මෙරට බලයට පත්වූ රජයයන් අඩු වැඩි වශයෙන් නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ම බොහෝ සේ දායක වී ඇති බ කිව යුතුය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන ගිය එ් වෙනුවෙක් කැපවූ සියලු දෙනාත්, ප්‍රතිපත්ති සම්පාදකයෝත් ජයග්‍රහණ රැසක් උරුම කරගෙන තිබේ.

නමුත්, රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඇත්තේ මීට වාඩා හාත්පසින්ම වෙනස් තත්වයකි.

1948 දී ශ්‍රී ලංකාව නිදහස ලබනවිට මෙරට මුදල් සංචිත තිබිණි. ලෝකයේ කිසිදු රටකට ණය වී තිබුණේ නැත. එදා සිට අද දක්වා ගෙවී ගොස් ඇති වසර 73කට මදක් වැඩි කාලයේ දී රටේ ආර්ථිකය වළ පල්ලටම ඇද වැටී ඇත. ආර්ථිික දර්ශක අතින් අපට වඩා බොහෝ පිටුපසින් සිටි දුප්පත් රාජ්‍යයක් වූ බංග්ලාදේශයෙන් ණය ලබාගත් ලොව ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්විය. දැන් අපි ට්‍රිලියන ගණනක් ලෝකයට ණය වී ඇති අතර ඇතැම් අවස්ථාවල දී ණය ගෙවාගත නොහැකි රාජ්‍යයක් ලෙස අසාදු ලේඛනගත වී තිබේ.

උද්දමනය වේගයෙන් වැඩි වී තිබේ. රුපියල බාල්දු වී ඇත. අපනයනයන් ඇතත්, ප්‍රධාන මිනිස් අවශ්‍යතා වූ ඖෂධ, ආහාර, ඉන්ධන ඇතුළු බොහෝ දේ වෙනුවෙන් ආනයනය මත යැපෙන රාජ්‍යයක් වූ අපට භාණ්ඩ ආනයනයට ඩොලර් නොමැති තත්වයට රටේ ආර්ථිකය බිඳ වැටී තිබේ.

නමුත් අපේ ‍රටේ කෝටි ප්‍රකෝටි පතියෝ සිටිති. නමුත් එවැනි ධනවතුන් පිළිබඳ සියුම්ව නිරික්ෂණය ක‍ළහොත් බොහෝ දෙනකු බිලියනපතියන් වී ඇත්තේ නිෂ්පාදන ආර්ථිකයක් තුලින් නොවේ. කොළඹ කොටස් වෙළෙඳ පොළ දෛනිකව ඉහළ යමින් ලෝකයේ හොඳම කොටස් වෙළෙඳ පොළ බවට පත්ව ඇත. එහි ඇතැම් සමාගම් ලේඛනගත දත්ත අනුව පවා ඉහළින් වැජඹෙයි. නමුත් සිදුකරන නිෂ්පාදනයක් නැතිනම් ඔවුන් කරන්නේ ඉලක්කම් හරඹයකින් ආර්ථික දර්ශක ඉහළ නැංවීම පමණි.

ගමේ ජීවත්වන කුඹුරු ක‍ොටා, වපුරා බත සරිකරන අසරණ ගොවියන් වහ බ‍ොද්දී ඔවුන්ගෙන් නොවිමසා සහල් මිල තීරණය කරන රජය වී මෝල් හිමියන්ගේ මාෆියාවට යටවී සිටිති. කෙටියෙන් කියන්නේ නම් මුදලාලිලා ආර්ථිකය හසුරුවයි.

වසර 73කට වැඩි කාලයක් මේ ආකාරයෙන් ආර්ථික තීන්දු තීරණ ගැනීමේ ප්‍රතිඵලය වූයේ අප ලොව අසමත් රාජ්‍යයක් බවට පත්වීමයි. නමුත් තීරණ ගන්නා පුද්ගලයන්, උපදෙස් දෙන්නන් සහ ප්‍රධාන ව්‍යාපාරිකයන් කෝටිපතියන් වී සිටියි.

මේ සමාජ යථාර්ථයයි.

සමස්ත ලෝකයේ ම ජනතාව වෙනුවෙන් අතිශය වැදගත් විෂයයක් ලෙස සැළකෙන ප්‍රජා වෛද්‍ය විද්‍යාවේ දී රටක සමාජයක ආර්ථික හා සමාජයීය දත්ත ඉතාමත් වැදගත් ලෙස සැළකීම සාමාන්‍ය සංසිද්ධියකි. ඒ අනුව දුප්පතුන් (අඩු ආදායම් ලාභීන්) මධ්‍යම පාන්තිකයන්, ධනවතුන්, සුපිරි ධනවතුන්, නාගරික, අර්ධ නාගරික, ග්‍රාමීය, වතු ආශ්‍රිත යනුවෙන් විවිධ ආර්ථික හා සමාජයීය කුලකයන්ට බෙදා ඒවායේ සෞඛ්‍ය ගැටලු හා අවශ්‍යතා හඳුනාගෙන විසඳුම් සොයයි. ඒ නිසාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දී ආර්ථික දත්ත වැදගත් වේ.

නමුත්, ආර්ථික නිර්දේශවල දී සෞඛ්‍ය දත්ත සළකා බැලීමක් කිසිසේත්ම සිදුවන්නේ නැත.

අද ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ එයයි.

සෞඛ්‍ය ගැන සිතීමේ දී ආර්ථිකය ගැන පවා සැළකිලිමත් වූ බැවින් අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලෝකයේ සුරක්ෂිිතම රටක් බවට ක්‍රමයෙන් පත්වීමු.

නමුත් වැරදි තීන්දු තීරණ මත පදනම්ව දශක 07ක දී ලෝකයේ අසමත්ම රාජ්‍යයක් බවට පත්වූ ශ්‍රී ලංකාව ඒ අසමත්භාවයේ වළ පල්ලේම සිටිමින් සෞඛ්‍ය ගැන නොසළකා ආර්ථිකය ගැන හිතන්නට ගොස් දැන් ලොව ප්‍රශස්ථ මට්ටමක පැවති සෞඛ්‍ය සේවාව ද විනාශ කරමින් සිටියි.

හිතන්න,

2017 වර්ෂයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවල දිනකට මෙරට රෝහල්තුළ හදවත් රෝගීන් 18ක්, බෝවන රෝග හේතුවෙන් 15ක්, පිළිකා හේතුවෙන් 14ක් පමණ මියයන බව දක්වා ඇත. ඒ අනුව රෝහලක දිනකට මියයන සම්පූර්ණ ගණන 128ක් පමණ පිරිසකි.

නමුත් දැන් සියල්ල වෙනස් වී තිබේ. 2021 අගෝස්තු 20 දිනයේ දී කොරෝනා හේතුවෙන් පමණක් 198 දෙනකු රෝහල්වල දී මියගිය බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා ‍කළේය. (නිවෙස්වල මියයන පුද්ගලයන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු නොකිරීමේ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බැවින් මෙරට සිදුවන සත්‍ය කොරෝනා මරණ සංඛ්‍යාව මෙම ලේඛනයට ඇතුළත් වන්නේ නැත)

මේ අනුව ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධානත ම හේතුව වන හදවත් රෝගවලින් දිනකට රෝහල්වල දී මියයන ප්‍රමාණය මෙන් 10 ගුණයකට වැඩි මරණ සංඛ්‍යාවක් දිනකට කොරෝනා හේතුවෙන් මියයයි.

ප්‍රශස්ත මට්ටමක තිබූ සෞඛය සේවාවන් පිළිබඳ අසාර්ථක වූ ආර්ථික ක්‍රම අනුව තීරණ ගන්නා විට සිදුවන දේ ගැන කීමට දැන්ම කල් වැඩි බව පමණක් අපි අවසාන වශයෙන් සටහන් කරමු.

සටහන – සජීව විජේවීර

(රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනෙත් අගම්පොඩි විසින් සමාජ මාධ්‍ය ජාලයක තැබූ සටහනක් අනුසාරයෙන් සකස්කරන ලදී)

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

ඒලියන්ත වයිට් මිත්‍යාව මිත්‍යාවක්ම බව සනාථ කරමින් කොරෝන සෑදී මරුට

අධ්‍යාත්මික ශක්තියෙන් හා කුණ්ඩලීනු යෝගයෙන් තමන්ට කොරෝනා සුව කළ හැකි බව පැවසූ ඒලියන්ත වයිට් කොරෝනා ආසාදිතව අද (22) මියගිය බව සෞඛ්‍ය අංශ...

කොටස් වෙළෙඳ පොළ දින කිහිපයකට පසු සුළු වර්ධනයක් පෙන්වයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 18,850ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,560ක් ලෙස සටහන් විය.

පොත් අළෙවි සැල් විවෘතකිරීමට පොලිස්පති අවසර ඉල්ලයි

නි‍රෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලයේ දී පොත් අළෙවි සැල් විවෘත කිරීමට අවසර දෙන ලෙස පොලිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීක් කර...

ගාල්ලේ හෙද සිසු සිසුවියෝ අමාරුවේ වැටෙති ? සෞඛ්‍ය නීති අමු අමුවේ උල්ලංඝනය කරලා

ගාල්ල කළුවැල්ලේ පිහිටි හෙද විදුහලේ හෙද සිසු සිසුවියන් දිනපතා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ප්‍රවාහනය කරන්නේ සෞඛ්‍ය නිරෝධායන ක්‍රමවේද උල්ලංඝනය කරමිනි.

මහබැංකු අධිපති කබ්රාල්ගේ පත්වීම බල රහිත කරන්න යැයි ඉල්ලා පෙත්සමක්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම තනතුරට පත්වීම වළක්වා ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකරන ලද පෙත්සමක් අද (22)...

ලෝකෙට ණය වී Pfizer එන්නත් දීමට රජය සැරසෙයි

ශ්‍රී ලංකා‍වේ කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන වඩාත් සාර්ථක කරගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් ලෝක බැංකුවෙන් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය...

අවුරුදු 05ක දැරිය අපයෝජනය කර වීඩියෝ දර්ශන බෙදාහැරි විවාහකයෙක් අල්ලයි

වයස අවුරුදු 5ක් සහ මාස 08ක් වයසැති කුඩා දැරියක බරපතල ලෙස ලිංකික අපයෝජනයට ලක්කර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ විවාහකයකු අත්අඩංගුවට...

කොරෝනා ආසාදිත බිරිඳ මරා දැමූ ව්‍යාපාරික සැමියා අත්අඩංගුවට

කොරෝනා ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ඝාතනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ බොරලැස්ගමුව,...

ඕස්ට්‍රේලියාවේ ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුවෙයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ඊසාන දිශාවෙන් පිහිටි මවුන්ට් බුලර් නමැති ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පා දෙකක් අද (22) අළුයම සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා...

සහල් ඇතුළු මිල වැඩිවෙන ද්‍රව්‍ය මෙන්න

ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම හේතුවෙන් මෙරට භාණ්ඩ කිහිපයක මිල ඉහළ යනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ ‍රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (21)...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!