spot_img
spot_imgspot_img

දකුණු ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය දෙකොණ ඇවිලෙන විලක්කුවක්

පුවත්

විදෙස්

ආචාර්ය රංග කලංසූරිය විසින්

ප්‍රජාතන්ත්‍රවාවදී ලෙස තේරී පත් වූ රජයක් පෙරළා දමා ජනතාව විසින් තොරෝගත් නායකයකු වූ අවුන් සාන් සුචී සිරගත කළ හමුදා ජුන්ටාවට එරෙහිව මියන්මාරයේ ජනතාව මාස හයකට පෙර යැන්ගොන්හි වීථි බැස සිටියහ.

දැන් ඇෆ්ගනිස්ථානයේ ජනතාව ඇෆ්ගනිස්ථානයේ තදාසන්න ප්‍රදේශවල වීථි බැස තම රට තලේබාන්වරු විසින් අත්පත් කරගැනීමට එරෙහිව විරෝධතා දක්වමින් සිටිති.  තලේබාන්වරු පසුගිය වසර 20ක කාලයේ දී ලොව සුපිරි ත්‍රස්තවාදී සංවිධානය ලෙස නම් වී තිබේ. මේ අනුව ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය මාසය හයක් ඇතුළත දෙවරක් දරුණු ප්‍රහාරයකට ලක්ව ඇත. වරක් නීත්‍යානුකූල හමුදාවක් විසින් සහ අනෙක් අවස්ථාවේ දී තහනම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මෙලෙස ප්‍රජාත්ත්‍රවාදය විනාශ කර දමා තිබේ.

ශ්‍රී ලංකාව සහ අනෙකුත් දකුණ ආසියානු රටවල් ද මේ ප්‍රතිවිරුද්ධ සංසිද්ධීන් හමුවේ හිරවී මිරිකෙමින් සිටියි. සමස්තයක් වශයෙන් දකුණු ආසියානු කලාපයේ දෙපසින් දිග හැරෙන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වර්ධනය දකුණු ආසියාව අවතක්සේරු නොකළ යුතුය.

මෙය ඉන්දියාව සහ පකිස්තානය කේන්ද්‍ර කරගනිමින් විවිධ ධාරිතාවයන්ගෙන් සහ විවිධ පරිමානයෙන් වර්ධනය වීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් මෙහි ගැඹුර තම රාජ්‍යයේ න්‍යාය පත්‍රයට අනුව සූක්ෂමව සකසා ගැනීමට එම රාජ්‍යයන් වඩාත් උත්සුක වනු ඇත.

මියන්මාරයේ අඩ සියවසකටත් වඩා පැරණි හමුදා පාලනය පූර්ණ ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයක් බවට පරිවර්ථනය කිරීමට බාහිර බලපෑම් මහෝපාකාරී විය. නමුත් එරට ප්‍රජාතන්ත්‍රවාදය පැවතියේ වසර 10ක් පමණ වන අතර රට නැවත හමුදාව අතට ම පත්විය. ඇෆ්ගනිස්ථානයේ සන්දර්භය තරමක් වෙනස් වුව ද එය ආපසු හැරවීම වෙනස් වී තිබේ. බාහිර බලවේගයන්ට විනාශ කර දැමීමට අවශ්‍ය වූ ත්‍රස්තවාදී කණ්ඩායමට දැන් එහි බලය හිමිව තිබේ. මෙම රටවල් දෙකෙහිම බටහිර නායකත්වය දරන ජාත්‍යන්ත ප්‍රජාව ප්‍රජාත්නත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා විශාල ආයෝජනයක් කළ අතර එහි ආයතන සහ සිවිල් සමාජ සකස් කළහ. සිදුවූයේ ඒ සියල්ල නිෂ්ඵල වීම පමණි.

2018 වර්ෂයේ මැයි මාසයේ දී ජාත්‍යන්තර සමාව ලබාදීම පිළිබඳ වාර්තාවක් උපුටා දක්වමින් මියන්මාර මාධ්‍ය ආයතනයක් වන “ද ඉරාවඩි” මේ වසරේ දී අරකන් රෝහින්‍යා ගලවාගැනීමේ හමුදා (ARSA) පිළිබඳ විස්තර කළේය. රඛයින් ප්‍රාන්තයේ මුස්ලිම් සටන්කාමී සංවිධානයකට පකිස්තානයේ අන්තර් සේවා බුද්ධි අශ (ISI) සහ පකිස්තානයේ හමුදා කණ්ඩායම් සහයෝගය තෙහ්රික් ඊ තලේබාන් වෙත ලැබී තිබිණි. මෙය බෞද්ධයන් බහුතරයක් වෙසෙන රඛයින් ප්‍රාන්තය තුළ මියන්මාර හමුදාව විසින් සංකීර්ණ හමුදාමය ප්‍රතිචාරයක් සඳහා මාවත විවර කළ අතර එය මියන්මාරයේ සහ එහි ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්ගේ කීර්ති නාමයට සැළකිය යුතු ලෙස බලපෑවේය.

මියන්මාරයේ රූ රැජින Htar Htet Htet මියන්මාරයේ මිලිටරි ජුන්ටාවට එරෙහිව ගරිල්ලා සටන්කරුවන් සමඟ එක් විය

මාස දෙකකට පසු ආසියාන් සංවිධානයේ නායකයින් බෲනායි හි දී හමු වන විට, සමුළුවේ සත්කාරක වශයෙන් කටයුතු කරන බෲනායි සුල්තාන් හසනල් බොල්කියාට, ජුන්ටාවේ නායකයා, ‘මියන්මාරයේ අග්‍රාමාත්‍ය මිං ඕං හ්ලයිං’ ලෙස හඳුන්වා දීම හැර වෙනත් විකල්පයක් නොතිබෙනු ඇත. ඔහුගේ අනිවාර්ය විශ්‍රාම දිනය ජූලි 31 වනදා ය, නමුත් අත්තනෝමතික ලෙස බලයේ සිටීම ගැන මහජනතාවට ප්‍රශ්න කළ නොහැකි නිසා එයට ගෞරව කිරීම අවශ්‍ය දැයි ජුන්ටාවට තීරණය කළ හැකිය. වසරකට වඩා වැඩි කාලයක් ප්‍රමාද කර ඇති මැතිවරණය 2022 දක්වා ඔහු දැන් දීර්ඝ කර ඇත. මහජන ආරක්ෂක බලකාය (PDF) නම් සන්නද්ධ සිවිල් කණ්ඩායම විසින් සිදුකරන ගරිල්ලා ආකාරයේ ප්‍රහාර සහ ඉලක්කගත මිනීමැරුම් (නගර/ගම් මට්ටමින් රජයේ නිලධාරීන්) සහ වරින් වර බෝම්බ පිපිරීම් රට පුරා දැනටමත් දක්නට ලැබෙයි. හමුදාව ප්‍රතිචාර වශයෙන් PDF ක්‍රියාකාරීන් දඩයම් කිරීමේදී සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් නිර්මාණය කර තිබේ. ඉදිරි වසර කිහිපය තුළ දිග්ගැසුනු ගරිල්ලා යුද්ධයක් සහ අඛණ්ඩ කැරළි ඇති වන බවට මෙය පැහැදිලි සළකුණු ය.

මියන්මාර කුමන්ත්‍රණය විවිධ කුමන්ත්‍රණ න්‍යායන්හි විෂයයක් වන නමුත් තිර රචනය සහ ඉන් පසුව ඇති වූ නාට්‍යය පිටුපස චීනය සිටි බවට ජනප්‍රිය මතයක් පවතී. කිලෝමීටර් 2,200 ක මායිමක් සහිත සම්පත් වලින් පොහොසත් අසල්වැසියා කෙරෙහි චීනයේ පැවති ‌ඓතිහාසික උනන්දුව හේතුවෙන් මෙම තර්කය බැහැර කළ නොහැකිය.

බොහෝ විශ්ලේෂකයින් පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ දී තලේබාන් අත්පත්කර ජයග්‍රහණය ද පකිස්ථානය සමග සහයෝගයෙන් එක්සත් ජනපදය විසින් රචනා කරන ලද තිර පිටපතක් බවයි. පාකිස්තානය, කටාර්, සෞදි සහ සමහර විට කලාපීය බලවතුන් වන ඉන්දියාවේ ද සක්‍රීය සහයෝගය නොමැතිව එක්සත් ජනපදයට මෙම නාට්‍යය හොඳින් ඇදගෙන යාමට නොහැකි බව අවිවාදිතය. කාබුල් යනු සමහර විට තනිවමත් සමහර අවස්ථාවල දී එකමුතුවත් කටයුතු කරන රාජ්‍ය ඔත්තු සේවාවන් සඳහා උණුසුම් වේදිකාවක් බව බොහෝ දෙනා දන්නා කරුණකි.

තලේබාන් පාලන තන්ත්‍රය තුළ දැන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරන කුප්‍රකට හකානි ජාලයේ මූලාරම්භය පාකිස්ථානයේ බලුකිස්ථානයේ ක්වෙටා හි ය. පකිස්ථානු රජය හකානි ජාලයට පූර්ණ අනුග්‍රහය ලබා දුන් අතර බොහෝ දුරට ඔවුන්ගේ පාලනය යටතේ සිටි බව විශ්වාස කෙරේ. ජලාලුදීන් හකානි එවකට තලේබාන් පාලනයේ හමුදාපති හෝ ආරක්ෂක ප්‍රධානියා විය. ඔහුගේ අභාවයෙන් පසු ඔහුගේ පුතුන් හතර දෙනා තලේබාන් සංවිධානයේ කොටස්කරුවෝ වූහ. ඔවුන්ගෙන් එක් අයෙක් ඇෆ්ගනිස්ථානයේ දී එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මිය ගියේය. ජලාලුදීන්ගේ තවත් පුතෙකු වන 28 හැවිරිදි අනාස් හකානි, ඇෆ්ගනිස්ථානයේ මීළඟ රජය පිහිටුවීමේ අරමුණින් හිටපු ඇෆ්ගනිස්ථාන ජනාධිපති හමීඩ් කර්සායි සමඟ තලේබාන් දේශපාලන සාකච්ඡා මෙහෙයවීය. ජාලයේ බලවත්ම මිලිටරි නායකයෙකු වන තරුණ අනාස්, ආරක්‍ෂක අංශයේ නායකයෙකු ලෙස කටයුතු කරයි. ඉරානයේ සුන්නි අනුවාදයක් සේ පෙනෙන ආරක්ෂක ක්‍රියාවලියක් බොහෝ විට අනාගත ඇෆ්ගනිස්ථාන පාලනය තුළ දැකිය හැකි වනු ඇත.

තලේබාන්හි මුල්ලා බරදාර් ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමිරේට්ස්හි උත්තරීතර අධ්‍යාත්මික නායකයා වනු ඇත

පසුගිය සතියේ දෝහා සිට කන්දහාර් වෙත පැමිණි මුල්ලා බරදාර් ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමීර් රාජ්‍යයේ උත්තරීතර අධ්‍යාත්මික නායකයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතය. ඇෆ්ගනිස්ථානය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නොවන බවත් ඉස්ලාමීය ෂරියා ක්‍රමය යටතේ පාලනය වන බවත් තලේබාන් සංවිධානය පැහැදිලි කර ඇත. ප්‍රශ්නය නම් ඇෆ්ගනිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන හමීඩ් කර්සායි සහ අබ්දුල්ලා අබ්දුල්ලා වැනි නායකයින් ප්‍රජාතන්ත්‍රවාදී නොවන, ෂරියා පදනම් කරගත් ඉරාන විලාසිතාවේ පාලනයකට සම්බන්ධ වීමට නම්‍යශීලී වේද යන්නයි. අනාස් හකානිගේ අදහස්, කුසලතා පරීක්‍ෂණයකට ලක්කළ හැකි තැන මෙතැනයි.

තලේබාන් සංවිධානය අනුමත නොකරන ලෙස ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වත්මන් රජයෙන් ඉල්ලා සිටියි. නමුත් එය කොතරම් ප්‍ර‍ායෝගිකදැයි අපි නොදනිමු. වසර 10 ක විරාමයකින් පසු ඉස්ලාමාබාද්හි පැවැත්වීමට නියමිත ඊළඟ සමුළුවේ දී සාර්ක් නායකයින් තලේබාන් නායක මුල්ලා බරදර් පිළිගන්නේ කෙසේද? පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ද බෲනායි රාජ්‍යයේ මඟ පෙන්වීම අනුගමනය කරමින් සාර්ක් නායකයින්ට, “ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමිරේට්හි උත්තරීතර නායක මුල්ලා බරදර්” ලෙස හඳුන්වා දෙයිද ?

ඔරලෝසුව කැරකීමට පටන්ගෙන තිබේ.

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි

එම ලිපියේ මුල් පිටපත මෙතැනින්.

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි. එම ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන ලිපි සිංහල බසින් rata.lk වෙබ් අඩවියේ පළ කිරීම සඳහා factum.lk සහ rata.lk සහයෝගීතාවකට එළැඹ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!