spot_img
spot_imgspot_img

මෙරට කොරෝනා අනපේක්ෂිත වර්ධනයක් සෞඛ්‍ය අංශ තැති ගනී

පුවත්

විදෙස්

ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය දත්ත හා විශ්ලේෂණ ආයතනය (HME) මගින් ශ්‍රී ලංකාවේ කොරෝන වර්ධනය පිළිබඳ කරන ලද පුරෝකථනයන් පවා ඉක්මවා ගොස් මේ වනවිට විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙමින් පවතී.

එම පුරෝකථනය අනුව අගෝස්තු මස 03 වැනි දා සිදුවන මරණ සංඛ්‍යාව 47ක් විය යුතු අතර එය 76ක් විය. 04 වැනි දිනයේ දී ද ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සිදුවිය යුතුව තිබුණේ 47කි. එහෙත් එදින මෙරට කොරෝනා මරණ 94ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව එම පුරෝකථනය මෙරට දී දෙගුණයක් වී තිබේ. මෙය ඉතාමත් භයානක තත්වයකි.

සෞඛ්‍ය දත්ත හා වි‍ශ්ලේෂණ ආයතනයේ පුරෝකථනය අනුව මෙරටින් මරණ 94ක් වාර්තා විය යුතුව ඇත්තේ සැප්තැම්බර් 13 වැනි දින වුව ද ඊට මාසයකටත් පෙර එම අගය වාර්තාවීම ආරම්භ වී තිබේ.

පුරෝකථනයට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වූ 267ක් වාර්තාවන දිනය ලෙස සඳහන් කර ඇත්තේ ඔක්තෝබර් 10 වැනි දිනයයි.

එමෙන් ම 2021 නොවැම්බර් 01 වැනි දා වනවිට මෙරට මරණ සංඛ්‍යා 9487ක් දක්වා ඉහළ යනු ඇතැයි එම පුරෝකථනයේ දැක්වෙන අතර එම දිනය වනවිට මෙරට සිදුවන දෛනික කොරෝනා මරණ ගණන 181ක් ලෙස දක්වා තිබේ.

එසේ වුව ද මේ වනවි ‍දිනකට මරණ 100කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් සිදුවෙමින් පවතින බැවින් මේ තත්වය ඉක්මණින් පාලන කිරීමට සෞඛ්‍ය අංශ ඇතුළු සමස්ත රජය අපොහොසත් වුවහොත් කොරෝනා තත්වය මෙරට ඉතාමත් විනාශකාරී වීම වැළැක්වීමට නොහැකි වනු ඇත.

මීට පෙර මාධ්‍ය හමුවේ කොරෝනා වසංගතයේ වර්ධනය පිළිබඳ නිශ්චිත දත්ත හා තොරතුරු පදනම් කරගනිමින් පුරෝකථනයක් සිදුකළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වතු හා නාගරික සෞඛ්‍ය නියෝජ්‍ය අධයක්ෂ වෛද්‍ය චමල් සංජීව විසින් මෙරට කොරෝනා වර්ධනයක් සිදුවෙමින් පවතින ආකාරය පැහැදිළිව පෙන්වා දුන්නේය.

ඒ සමඟ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට ඔහුට වාරණයක් පැනවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ අතර ‍අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය ඔහුගේ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබිණි.

නමුත් සිදුව ඇත්තේ එදා වෛද්‍ය චමල් සංජීව පැවසූ දේ අද වනවිට යථාර්ථයක් බවට පත්වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!