spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව ආසන්න ගිනිකොන දිග මුහුදේ සහ සුමාත්‍රා දූපත් අසළ යළි භූමිකම්පා

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින්  අද (06) සවස භූමිකම්පා දෙකක් සිදුව තිබේ. ඉන් එකක් ශ්‍රී ලංකාවට වඩාත් ආසන්නයෙන් අද රාත්‍රී 7.34ට සිදුව ඇති අතර අනෙක් භූමිකම්පාව සිදුව ඇත්තේ ජාවා සහ සුමාත්‍රා දූපත් අසළ ශ්‍රී ලංකාව ‍පැත්තට වන්නට සවස 4.38ට ය.

අද රාත්‍රී 7.34ට සිදුව ඇති භූමිකම්පාව සම්බන්ධව තො‍රතුරු වාර්තාකරන ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයනය එයට ආසන්න ගොඩබිමක් පිළිබඳ දැනුම් දී නැත්ත ශ්‍රී ලංකාවට වඩාත් ආසන්නව මෙම භූමිකම්පාව සිදුව ඇත.

එය අක්ෂාංශ හා දේශාංශ 0.549°S 87.058°E  ලෙස දක්වා තිබේ. රිච්ටර් මාපක 4.9ක ප්‍රබලත්වයකින් යුතුව සිදුව ඇති එම භූමිකම්පාවේ අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10ක් තරම් නොගැඹුරුව පිහිටා ඇත.

අනෙක් භූමිකම්පාව ද සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බටහිර සුමාත්‍රා සහ නැගෙහිර ‍ජාවා දූපත් අතර මුහුදේ ය. ඒ සවස 4.38 ට බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතන දක්වා ඇත. එහි විශාලත්වය රිච්ටර් මාපක 5.3කි. එහි අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 52.2ක් ගැඹුරින් පිහිටා තිබුණු බව ද පර්යේෂකයෝ කියති.

මෙම භූමිකම්පා දෙකෙන් ම සුනාමි ඇතිවීමේ අවදානමක් නැත. නමුත් ඉන්දු ඕස්ට්‍රේලියා සහ යුරෝ ආසියා භූ තැටි මායිමේ මෙම කම්පනයත් සිදුව ඇත.

දැනට දින කිහිපයක සිට මෙම භූ තැටි මායිමේ භූමිකම්පා දිගින් දිගටම සිදුවෙමින් පවතින බැවින් කවර හෝ මොහොතක රිච්ටර් මාපකයේ 7.2 ඉක්මවූ භූමිකම්පාවක් සිරස් අතට සිදුවුවහොත් සුනාමියක් ඇතවීමේ අවදානමක් ඇති අතර එවැනි අවස්ථාවක දී එහි සෘජු බලපෑම ශ්‍රී ලංකාවට ද එල්ලවෙයි.

එබැවින් මෙවැනි භූමිකම්පා පිළිබඳ ශ්‍රී ලංකාව ද අවධානයෙන් සිටිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!