spot_img
spot_imgspot_img

ජනාධිපතිගේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණය කරයි

පුවත්

විදෙස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදී මතවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන 24 වැනි දා දක්වා අතුරු නියෝගයක් නිකුත් කිරීමට ඊයේ ‍(05) ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබේ.

මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත්තේ මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරිකයන් පිරිසක් විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ නියෝගය නිකුත්කරන ලදී.

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය මාර්තු 12 වැනි දින නිකුත් කරන ලද අංක 2218/68 /2021 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එම පනතේ 27 වැනි ඡේදය යටතේ අංක 01 නමින් “දැඩි අන්තවාදි මතවාදයන්ගෙන් මුදාගැනීම්” නමින් රෙගුලාසියක් ප්‍රකාශයට පත් කර ඇති බව පෙත්සම්කරුවන් පවසයි.

එම රෙගුලාසි අනුව අධිකරණ ක්‍රියාවලියකින් තොරව අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනයට යොමු කළ හැකි බව ද පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත.

මෙම රෙගුලාසි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ,11 , 12.1 ,12.2 , 13.1 ,13.2 , 13.4, 13 .5 ,13.6 ,13.1 (ආ) , 14.1 (ඈ) සහ 17 යන වගන්තී සෘජුවම උල්ලංඝනය වන බැවින් , මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප්‍රකාශ කරන ලෙසත් , මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

මුර්දු ප්‍රනාන්දු , යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.

මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වන රුවන් ලක්නාත් ජයකොඩි , කවින්ද්‍යා ක්‍රිස්ටෝපර් තෝමස්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු හා ශිරාන් සනුර නමැත්තන් ගොනු කොට ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!