spot_img
spot_imgspot_img

කොල්ල කෑ ජංගම දුරකථනයකින් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප. පැමිණිලිකරුත් අත්අඩංගුවේ

පුවත්

විදෙස්

තම ජංගම දුරකථනය තරුණයන් දෙදෙනකු විසින් කොල්ල කෑ බවට පොලිසියට පැමිණිල්ලක් කළ තරුණයකු ද අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය කටයුතු කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

තම ජංගම දුරකථනය වත්තල පදිංචි තරුණයන් දෙදෙනකු විසින් කොල්ල කෑ බවට ඔහු පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. එම පැමිණිල්ල අනුව සිදුකරන ලද විමර්ශනවල දී ජංගම දුරකථනය සොය‍ාගෙන ඇති අතර එය පරීක්ෂාකිරීමේ දී එහි තිබී වයස අවුරුදු 18-20 අතර පසුවන තරුණියන් 08 දෙනකුගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන තිබී ඇත.

ඒ අනුව දුරකථනය කොල්ල කෑ බවට සැකකරන වත්තල පදිංචි 25 හැවිරිදි හා 30 හැවිරිදි තරුණයන් දෙදෙනා ද පැමිණිල්ල කළ ජංගම දුරකථන හිමිකරු ද අත්අඩංගුවට ගෙන සිටිති.

පොලිසිය පවසන්නේ දුකථනය කොල්ල කෑ බවට සැකකරන එක් පුද්ගලයකුගේ පෙම්වතියගේ නිරුවත් ඡායාරූපයක් ජංගම දුරකථනයේ තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් හේතුවෙන් එහි ඇති ඡායාරූප පරීක්ෂාකිරීමේ දී නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන සොයාගත් බවයි.

මේ සම්බන්ධයේන ‍වත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!