spot_img
spot_imgspot_img

දුමින්ද නිදහස් කිරීමට එරෙහිව හිරුණිකා අධිකරණයේ පිහිට පතයි

පුවත්

විදෙස්

මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව පිරිනමා නිදහස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළාය.

ඇගේ පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සම්බන්ධයේ දුමින්ද සිල්වා දඬුවම් ලබා සිටියේය. ඔහුට ජනාධිපති සමාව දෙමින් ජනාධිපතිවරයා කළ නියෝගය බල රහිත කරන්න යැයි ද ඇය සිය පෙත්සම මගින් ඉල්ලා සිටියි.

මෙම පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපතිවරයා සහ අධිකරණ ඇමති අලි සබ්රි නම් කරනු ලැබ සිටිති.

ඇය පෙන්වාදෙන්නේ තම පියාවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු කළ කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල මඩුල්ලේ තුනෙන් දෙක බහුතරයෙන්  වගඋත්තරකාර  දුමින්ද සිල්වාට මරණ දඩුවම නියම කර තිබූ බවයි. පසුව එම මරණ දඩුවම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඒකමතිකව තහවුරු කර තිබියදී ඉකුත් ජුනි 24 වැනිදා ජනාධිපති සමාව යටතේ වගඋත්තරකරු නිදහස් කළ බව ද ඇය පවසයි.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව බව ද පෙත්සම්කාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!