spot_img
spot_imgspot_img

ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

පුවත්

විදෙස්

වේගවත් ව්‍යාප්තියක් සහ වඩාත් දරුණු ප්‍රතිඵල ඇතිකරන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මෙරට ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ කායික රෝග වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (16) කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ වනවිට කොළඹ සහ තවත් ප්‍රදේශ ගණනාවකින් කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වී ඇති බවත් අහඹු ලෙස තෝරාගත් ජෛව සාම්පලවලින් මෙම ආසාදිතයන් සොයාගෙන ඇති බැවින් එම ආසාදිතයන්ට හැර තවත් විශාල පිරිසක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතව සිටිය හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එබැවින් වසංගතය අවසන්වී ඇතැයි වැරදි වැටහීමක්‍ නොගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම හැකිතාක් අනුගමය කරමින් අනවශ්‍ය ගමන්බිමන්වලින් වැලකී සිටීම අත්‍යාවශ්‍ය බවත් විශේෂඥ වෛද්‍ය විජේවික්‍රම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!