spot_img
spot_imgspot_img

සුරැකුම්පත් සහ විනිමය කොමිසම මැදිහත් වීමෙන් කොටස් වෙළෙඳ පොළ අසාමාන්‍ය ගනුදෙනු නවතී

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දින සියළු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 109 කින් පහළ ගිය අතර දිනයේ සියලු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7733ක් බවට පත්විය.

දිනයේ වැඩිපුර ගනුදෙනු වූ කොටස් අතර හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 202යි, රෝයල් සෙරමින් සමාගම රුපියල් මිලියන 107යි, රේණුක ඇග්‍රි සමාගම රුපියල් මිලියන 104යි ලෙස ප්‍රධානවිය.

දිනයේ සම්පූර්ණ පිරිවැටුම වාර්තා වූයේ රුපියල් බිලියන 1.4ක් ලෙසිනි.

විදේශ ආයෝජකයන් විසින් අද දිනයේ රුපියල් මිලියන 21ක කොටස් මිල දී ගෙන ඇති අතර වින්‍ෆෝර්ත් සමාගම රුපියල් මිලියන 04, ත්‍රී ඒකර් ෆාර්ම් සමාගම රුපියල් මිලියන 3.8යි, රෙජියුස් ලංකා සමාගම රුපියල් මිලියන 2.2යි ලෙස ඒ අතර ප්‍රධාන විය.

විදේශ ආයෝජකයන් කොටස් විකිණීම රුපියල් මිලියන 63ක් ලෙස සඳහන් විය. එසේ විකුණූ සමාගම් අතර එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 14.7යි, පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලයන 14.2යි, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 9.3යි ලෙස ප්‍රධානන විය.

දිගින් දිගටම කොටස් වෙළෙඳ පොළෙහි ද්‍රවශීලතාව අඩු සමාගම්වල කොටස් කෘතිම ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් දීර්ඝ කාලයකට පසුව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් LOLC Development Finance (නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගමෙහි) කොටස් මිල ඉහළ යාම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එම සමාගමේ කොටස් කෘතිම ලෙස ඉහළ නංවා අධික ලාභ ලබාගත් ආයෝජකයන් සම්බන්ධව දැඩි පියවර ගන්නා බවට නිල නිවේදනයක් ද නිකුත් කර ඇත.

මෙම පරීක්ෂණ සමඟ එම සමාගමේ පෙර දිනයන්හි පැවැති වෙළඳ පොළ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇති අතර මෙහි කොටස් මිල දී ගැනීමට දැඩි උනන්දුවක් දැක්වූ ආයෝජකයන් ඉන් ඉවත්ව කොටස් මිල දී ගත් ආයෝජකයන් කොටස් විකුණා දැමීමට දැඩි උත්සාහයක් දරනු දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් මෙවැනි පියවර ඉතා ඉක්මණින් ගනු ලැබුවේ නම් බොහෝ ආයෝජකයන්ගේ මුදල් හා වටිනා සමාගම්වල කොටස් මිල හොඳින් පවත්වාගෙන යාමට අවස්ථාවක් ලැබෙන නමුත් මෙම ප්‍රමාදය හේතුවෙන් කොටස් වෙළෙඳ පොළේ වටිනා සමාගම්වල කොටස් ද අධික ලෙස පහළ බැසීමේ ප්‍රවණතාවක් දක්නට ලැබිණි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමඟ කොළඹ කොටස් වෙළෙඳ පොළ එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් වන අතර එමගින් නව විදේශ ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළ වෙත ආකාර්ශනය කරගැනීමට කටයුතු කිරීම සාධනීය පියවරක් ලෙස දැක්විය හැකියි.

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය කෙරෙහි වඩාත් මූලික වී ඇති සමාගම්වල කොටස් මිල දී ගැනීමට ආයෝජකයන් වැඩි උනන්දුවක් දක්වන අතර බොහෝ සමාගම් තම අපනයන ඉලක්ක සපුරා ලාබ ඉපයීම හා එම ලාභාංශ කොටස් හිමියන් වෙත ගෙවීමත් ලබන වසර දක්වා ම බොහෝ අපනයන භාණ්ඩ සඳහා දැනටමත් ඇණවුම් ලැබී තිබීමත් මීට හේතුවක් වී තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!