spot_img
spot_imgspot_img

ගාල්ලේ එන්නත් දීමේ සියලු ලේඛන අපරාධ අංශයට දෙන්න යැයි අධිකරණ නියෝගයක්

පුවත්

විදෙස්

ගාල්ලේ එන්නත්කරණ වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නිකුත්කරන ලද එන්නත් ප්‍රමාණවල විස්තර ලබගැනීමටත්, එම එන්නත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් කවර පුද්ගලයන් සඳහා නිකුත් කර ඇත්ද යන විස්තර ලබාගැනීමටත් අවශ්‍ය නියෝග අද (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් නිකුත් කර තිබේ.

පසුගිය ජුනි 05 සහ 07 දෙදින ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ගේ නාම ලේඛනය ලබාදෙන ලෙසත්, උණවටුන ඖෂධ ගබඩාවට ලැබුණු එන්නත් ප්‍රමාණය හා ඒවා නිකුත් කර ඇති ස්ථාන පිළිබඳ හා ඒවායේ ප්‍රමාණයන් පිළිබඳවත්, උණවටුන ඖෂධ ගබඩාවේ තිබූ එන්නත් ලේඛණ ප්‍රමාණ පිළිිබඳවත් පොලිසියේ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබාදෙන්න යැයි මෙම නියෝගවල සඳහන්ව තිබේ. මීට අමරතව ඉතිරි වී ඇති එන්නත් ප්‍රමාණය පිළිබඳ විස්තර ද ලබාදෙන ලෙස නියෝග කර තිබේ.

උණවටුණේ දී එන්නත්කරණය සිදුවූ ස්ථානයේ CCTV දර්ශන ද ලබාදෙන ලෙස දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබේ.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ශන අනුව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ප්‍රකාශයක් සටහන් කරගත් සෞඛ්‍ය අංශයට අදාල නොවන වෙනත් පිටස්තර පුද්ගලයකුගේ ජංගම දුරකථනයට අදාල වාර්තා ලබාදෙන ලෙස ද අදාල දුරකථන සමාගම්වලට ද අද නියෝග නිකුත්කර ඇත.

මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝග නිකුත්කරන ලද්දේ පොලිසිියේ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ආරම්භ කර ඇති විමර්ශනයක් සඳහා මෙම ලේඛන අවශ්‍ය බවට එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනෙෂ් නිශාන්ත විසින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගනිමිනි.

ගාල්ල උණවටුන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පසුගිය ජුනි 05 සහ 07 දින දෙකේ දී කොළඹ ඇතුළු බස්නාහිර පළාත් ලියාපදිංචිය සහිත වාහන රැසකින් පැමිණි පුද්ගලයන් එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ එම දින දෙකෙහි ගාල්ලට පැමිණ වාහන සම්බන්ධ සීසීටීවී දර්ශන ලබාදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත්කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!