spot_img
spot_imgspot_img

“අම්බලන්ගොඩයා” දිවි ගමන නිමා කරයි

පුවත්

විදෙස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ බුද්ධික කුරුකුලරත්න අභාවප්‍රාප්ත වූයේය.

1989 මහා මැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වූ හෙතෙම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකි.

අධිනීතිඥවරයකු ලෙස කටයුතු කළ බුද්ධික කුරුකුලරත්න මියයන තුරුම සමාජසේවා කටයුතු රැසක නියැළී සිටියේය. අඩුආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, නොමිළේ ඉංග්‍රීස භාෂා අධ්‍යාපනය ලබාදීම ආදී සේවාවන් රැසක් ඔහු පවත්වාගෙන ගියේය.

එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වූ “සියරට” පුවත්පතේ කතුවරයා ලෙස ද කලක් කටයුතු කළේය. මීට අමතරව ග්‍රන්ථ ගණනාවක් ම රචනා කර ඇති කුරුකුලරත්න ඉරිදා ලක්බිම පුවත්පත සඳහා “අම්බලන්ගොඩයා” නමින් තීරු ලිපි පෙළක් ලීවේය.

රෝගාතුරව සිටි බුද්ධික කුරුකුලරත්නගේ අවමංගල්‍යය කටයුතු පිළිබඳ මෙතෙක් දැනුම් දීමක් නැත. වසංගත තත්ත්වය හේතුවෙන් අවමංගල්‍ය උත්සව සඳහා අවසරයක් නොමැති අතර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදුකිරීමට නියමයක් ද වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!