spot_img
spot_imgspot_img

චමුදිතට අපරාධ කොට්ඨාසයෙන් කැඳවීමක්

පුවත්

විදෙස්

ජීවිත තර්ජන ඇතිබව පවසමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් පොලිස්පතිවරයාට යොමුකරන ලද ලිපියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අද (09) සවස 3.00 ට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සමඟ රූපවාහිනී නාලිකාවක කරන ලද වැඩසටහනකින් පසු තමන්ට විවිධ ආකාරයේ තර්ජන එල්ලවී ඇතැයි චමුදිත සමරවික්‍රම පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

මේ අතරත රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි දෙදෙනාගේ නීතිඥවරයා ලෙස කටයුතු කරන මංජු ශ්‍රී චන්ද්‍රසේන ද චමුදිතට එරෙහිව නිතිපති දෙපාර්තමේන්තුවට සහ පොලිසියට පැමිණිලි කර තිබේ.

ඔහු පවසන්නේ උපන්දින සාදයක් පැවැත්වූ චන්දිමාල් ජයසිංහට ඇප ලබා දීම සම්බන්ධයෙන් විවේචනය කරමින් චමුදිත සිදු කරන ලද අදහස් දැක්වීමක් අධිකරණයට අපහාස කිරීමක් බවයි.

මීට අමතරව නිරෝධායන රෙගුලාසීන් උල්ලංඝනය කරමින් මුහුණු ආවරණයක් නැතිව සමාජ දුරස්ථභාවය ද පවත්වා නොගනිමින් යූ ටියුබ් නාලිකාවක සකච්ඡාවකට එක් වීම සම්බන්ධයෙන් තවත් පැමිණිල්ලක් ගොනු කර ඇති බවත් ඔහු පවසයි.

චමුදිත සමරවික්‍රම පවසන්නේ එවැනි පැමිණිල්ලක් සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් කිසිදු දැනුම් දීමක් ලැබී නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!