spot_img
spot_imgspot_img

මෙරට වාණිජ බැංකුවලට අසාමාන්‍ය ලාභයක්

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය 2020 මාර්තු මාසයේ මෙරට ආරම්භ වුව ද එම වර්ෂයේ මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ පළමු කාර්තුවට වඩා කො‍රෝනා වසංගතයේ පැතිර පැවති 2021 ජනවාරි 01 දා සිට මාර්තු 31 දක්වා පළමු කාර්තුවේ දී පෞද්ගලික වාණිජ බැංකු සියල්ලේ ම මූල්‍ය වාර්තා අනුව සුවිශාල වර්ධනයක් සිදුව තිබේ.

2021 පළමු කාර්තුවේ දී වැඩිම ලාභයක් ලබා ඇති බැංකුව වන්නේ කමර්ෂල් බැංකුවයි. එය රුපියල් බිලියන 6.8ක ලාභයකි. එම ලාභය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 78%ක වර්ධනයකි.

පුද්ගලික වාණිජ බැංකු අතරින පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙවර පළමු කාර්තුවේ වැඩිම වර්ධනයක් ලබා ඇත්තේ සණස සංවර්ධන බැංකුවයි. එය රුපියල් මිලියන 300කි. එමෙන්ම පෙර කාර්තුවට සාපේක්ෂව 190% වර්ධනයකි. පෙර කාර්තුවට සාපේක්ෂව වර්ධනය අතින් දෙවැනි ස්ථානයේ සිටින්නේ ජාතික සංවර්ධන බැංකුවයි (NDB) එහි පළමු කාර්තුවේ ලාභය පමණක් රුපියල් බිලියන 2.4ක් වන අතර පෙර කාර්තුවට සාපේක්ෂව 92%ක වර්ධනයකි.

පළමු කාර්තුවේ වැඩිම ලාභ ඉපයූ වාණිජ බැංකු අතර දෙවැනි ස්ථානයට සම්පත් බැංකුව පත්ව සිටියි. එම ලාභය රුපියල් බිලියන 5.1කි. පෙර වර්ෂයෙට සාපේක්ෂව එය 90%ක වර්ධනයකි. තෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ හැටන් නැෂනල් බැංකුවයි. එම බැංකුව පසුගිය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 47%ක වර්ධනයක් හිමිකරගනිමින් රුපියල් බිලියන 4.8ක ලාභයක් ලබා ඇත.

මෙම අසාමාන්‍ය ලාභ ලැබීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් බලපාන්නට ඇතැයි නිරීක්ෂණය වේ.

  1. ස්ථාවර තැන්පත්කරුවන්ට ගෙවන ලද පොලී මුදල් අඩුවීම
  2. කොරෝනා හේතුවේන ගනුදෙනු කරුවන්ට ලබාදුන් වරප්‍රසාද (Moratorium)
  3. පරිපාලන වියදම් අඩුවීම
  4. පරිගණක තාක්ෂණය ඔස්සේ Online ක්‍රමය මගින් වැඩිපුර ගනුදෙනු සිදුවීම 

යන කරුණු මේ ඒ අතර වෙයි.

එසේ වුව ද සෑම පුද්ගලික වාණිජ බැංකුවක ම ණය නොගවා පැහැර හැරීමේ ප්‍රතිශතයත NPL ඉහළ ගොස් ඇති අතර ඒ සඳහා කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවී ඇති බව නිරීක්ෂණය වේ.

මෙම අධික ලාභය හේතුවෙන් බොහෝ පුද්ගලික බැංකු තම කොටස් හිමියන් වෙත ලාභාංශ ප්‍රකාශයට පත්කර ඇති අතර බෝනස් කොටස් ලබාදීම සඳහා ද කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ක්ෂේත්‍රයෙහි සුවිශේෂී වර්ධනය කෙරෙහි ලෝකයේ බොහෝ රටවල මුදල් ආයේජන අරමුදල්වල අවධානය යොමු වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික සංවර්ධන බැංකුවෙහි විශාල කොටස් ප්‍රමාණයක් නෝර්වේජියානු රාජ්‍යයට අයත් Nor fund අරමුදල මගින් මිල දී ගෙන තිබේ.

එම මිල දී ගැනීම මෙම අරමුදල මගින් දකුණු ආසියානු රාජ්‍යයක සිදුකරන ලද විශාලතම ආයෝජනයක් යැයි ද පිළිගැනේ.

(නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!