spot_img
spot_imgspot_img

ගාල්ලෙන් කොරෝනා මරණ 34ක්

පුවත්

විදෙස්

ගාල්ලේ වදුරඹ පදිංචි කාන්තාවක් පෙරේදා (09) ‍නිවසේ දී මියයාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇය කොරෝනා ආසාදිත බව තහවුරු වී අතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මෙම මරණයත් සමඟ කොරෝනා තුන්වැනි රැල්ල ආරම්භ වීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතව මියගිය පුද්ලයන් සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් ඇත. නමුත් ඒ අතරින් මෙතෙක් රජය විසින් නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ මරණ 06 ක් පමණි. ඒ අනුව මෙතකේ නිවේදනය නොකළ මරණ සංඛ්‍යාව 28කි.

  1. ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් අප්‍රේල් මස 26 වැනි දින මියගියාය.
  2. අහංගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයකු 26 වැනි දින මියගියේය.
  3. ගාල්ල නගර සභා කොට්ඨාසයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයකු 27 වැනි දින මියගියේය.
  4. බද්දේගම පදිංචි 69 හැවිරිදි කාන්තාවක් 28 වැනි දින මියගියාය
  5. හික්කඩුව පදංචි කාන්තාවක් ද 28 වැනි දින මියගිය අතර ඇය මියයන විට 90 හැවිරිදි වියේ පසුවූවාය
  6. ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 90 හැවිරිදි කාන්තාවක් 29 වැනි දින මියගියාය
  7. බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛදය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයකු 29 වැනි දින මියගියේය.
  8. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයකු 29 වැනි දින මියගියේය.
  9. අම්බලන්ඩගොඩ, වතුගෙදර පදිංචි පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදනය වී මියගොස් ඇත
  10. ඔලගන්දූව ඉඳුරුව පදිංචි වයස අවුරුදු 80ක් වූ කාන්තාවක් බලපිටිය මූලික රෝහලේ දී කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇත.
  11. යක්කලමුල්ල පොල්පාගොඩ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දී මියගොස් ඇත.
  12. 53 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත.
  13. 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි මියගොස් ඇති අතර කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත
  14. වක්වැල්ල දූව වත්තේ සිටිය දී කොරෝනා ආසාදනය වූ කාන්තාවක මියගියාය
  15. හික්කඩුව නාරිගම පදිංචි 70 හැවිරිදි කාන්තාවක් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු මියගොස් ඇත.
  16. ගාල්ල තලාපිටියේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගියේය
  17. 84 හැවිරිදි කාන්තාවක් පදිංචි තොටගොඩ අක්මීමණ. නිවසේ දී මියගොස් ඇත.
  18. ගාල්ල මඩපාතල පදිංචි වයස අවුරුදු 70ක කාන්තාවක් එම නිවසේ දීම මියගොස් ඇත
  19. අම්බලන්ගොඩ පෝරඹ පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොරෝනා ආසාදිත බව දැන නිවසේ සිටිය දී 06 වැනි දා සවස මියගියේය.
  20. වදුරඹ කොකාවල පදිංචි 70 හැවිරදි පිරිමි පුද්ගලයකු නිවසේ දී ම මියගොස් ඇත.
  21. ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අඟුළුගහ පදිංචි 80 හැවිරිදි කාන්තාවක් නිවසේ දී මියගොස් ඇත.
  22. බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, නරාවල, පෝද්දල පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දී මියගොස් ඇත
  23. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ නාරිගම පදිංචි 65 හැවිරිදි කාන්තාවක් කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 25 හි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.
  24. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් බටපොළ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු 25 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත
  25. ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අඟුළුගහ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයකු වාට්ටු අංක 46 ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේය.
  1. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කෙරමිණිය නිවසේ දී මියගොස් සිටි පිරිමි පුද්ලයකු කොරෝනා ආසාදිත බව තහවුරු කර ගැණිනි.
  2. වයස අවුරුදු 78ක කාන්තාවකි. පොද්දල පදිංචි ඇය කරාපිටිය රෝහලේ වාට්ටු අංක 36 ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියාය
  3. වලහන්දූව කුරුඳුවත්තේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය පුද්ගලයකු
  4. අම්බලන්ගොඩ නගරයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයකු බලපිටිය රෝහලේ දී මියගියේය.
  5. කොළඹ ජාතික රෝහලේ දී ගාල්ල අහංගම පදිංචි 73 හැවිරිදි පුද්ගලයකු මැයි මස 06 වැනි දින මියගොස් ඇත.
  6. නියාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයකු කරන්දෙණිය රෝහලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් සිටිය දී 09 වැනි දින මියගියේය.
  7. දෙවට ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදනය වී මියගියාය.
  8. අහංගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයකු ද කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇත.
  9. වදුරඹ ඉහළ ලේල්වල නිවසේ දී මියගිය 83 හැවිරිදි කාන්තාවකගේ සිරුරින් මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඔහු මියයනවිට කොරෝනා ආසාදනය වී සිටි බවයි.

1 COMMENT

  1. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍යාධිකාරී පුෂ්පාගේ රියැදුරුට සහ කාර්යාල කාර්ය සහයකයකුට මේ සතියේ කොරෝනා positive වෙලා . තවත් තිදෙනෙකුට සැක සහිත රෝග ලක්ෂණ පහලවෙලා.

    එහෙම තියෙද්දි ගණකාධිකාරිවරයා සහ වැඩ බැරි නියෝජ්‍ය සමාන්‍යාධිකාරි තනතුරක කටයුතු කරන ගුණවර්ධන නැමැත්තා ඊයේ දිනයේ දී කාර්යාල විවෘත කර තිබෙනවා.

    කාර්යාලයෙහි දොර විවෘත කර ඇත්තේ ගණකාධිකාරීවරයා විසින්. මොවුන් දෙදෙනා කොරෝනා සඳහා එන්නත් කරගෙන ඇති බව ද දැනගන්නට ලැබී ඇත. ඒ නිසා තමයි මොවුන් දෙදෙනා අනිත් අයගේ ජීවිත අනතුරේ දමමින් මෙලෙස කටයුතු කරන්නේ.

    ඊයේ දිනයේ මොවුන් ලිපිකාරිනියන් තිදෙනෙක් සේවයට ගෙන්වා ගෙන ඔවුන් corona අවදානමකට ලක් කර තිබෙනවා. එසේම අද දිනයේදීත් කාර්යාලය විවෘත කර සේවකයින් ගෙන්වා ගැනීමට මොවුන් මොවුන් සැලසුම් කර ඇත.

    ප්‍රධාන කාර්යාලයේ සිටින මෙම මෝඩ, ආත්මාර්ථකාමි, දූෂිත ප්‍රධානීන් නිසා එහි සේවකයින් ජීවිත අවදානම්කින් පසුවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!