spot_img
spot_imgspot_img

අනවසර වෙළෙන්දියක් නිරෝධායන නීති කඩමින් අන් අයට බැනවදියි

පුවත්

විදෙස්

ගාල්ල කලේගාන සති පොළේ අනවසරයෙන් වෙළඳා‍මේ නිරත වඩේ, පැටිස් සහ රෝල්ස් විකුණන වෙළෙන්දියක් එහි පැමිණෙන පුද්ගලයන්ට බැන වදිමින් නිරෝධායන නීති ද නොතකා කටයුතු කරන අයුරු rata.lk වෙත වාර්තා වෙයි.

ඇය පවසන්නේ තමන් පොළ ඉදිරිපිට විශාල කොටසක් ප්‍රාදේශීය සභාවට මුදල් ගෙවා වෙන්කරගෙන ඇති බවයි. නමුත් මේ පිළිබඳ විමසීමේ දී ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් කියා සිටියේ එවැනි කිසිම තැනැත්තෙකුට 2021 ජනවාරි 01 දාට පසු පොළ බදු දී නොමැති බවයි. එබැවින් කිසිම තැනැත්තකුට පොළේ වෙළඳාම් කිරීමේ අයිතියක් නැති බවත් ඒ සියලු දෙනා අනවසරයෙන් වෙළෙඳාමේ නිරතව සිටින බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මෙම තැනැත්තිය තම අළෙවි කුටිය කලේගානේ පොළ ඉදිරිපිට පාර අයිනේ තබාගෙන වෙළෙඳාමේ නිරත වන්නීය. ඇගේ එක් පසෙකින් වඩේ බැදීමට භාවිතා කරන ලිපක්ද තබා ඇත. ඒ අසළම පොළ දිනවල දී යතුරුපැදි නැවැත්වීම සඳහා පොලිසිය මගින් අවසර ලබාදෙන ස්ථානයක් ද පිහිටා තිබේ.

පසුගිය පොළ දිනක සවස 6.30ට පමණ ඇ‍ඟේ වෙළෙඳ ස්ථානය අසළ යතුරුපැදි නැවැත්වීමට ඇය කිසිවෙකුට ඉඩ නොදුන්නාය. එහි පැමිණෙන පුද්ගයන් යතුරුපැදි නවත්වන විට ඇය පවසන්නේ තමන් ලිප පත්තුකරන බවත් එවිට යතුරුපැදිවලට හානියක් සිදුවිය හැකි බවත්ය. නමුත් පැය භාගයක් යනතුරුම අප එය නිරීක්ෂණය කළ ද ඇය ලිප දැල්වූයේ නැත. ඒ වනවිටත් පොළේ වෙළඳාම් අවසන් වෙමින් පැවැති බැවින් ඇයට එවැනි අවශ්‍යතාවක් ද නොවූ බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. එසේ වුව ද යතුරුපැදි නවත්වන්නට ඉඩ නොදෙන ඇය ඊට විරුද්ධවන අයට බැන වදිමින් හැසිරීම බොහෝ දෙනකුගේ දෝශ දර්ශනයට ලක්විය.

යතුරුපැදිවලින් පැමිණෙන පුද්ගලයන්ට බැන වදින ඇය එම සම්පූර්ණ කාලය පුරාම තම මුඛ ආවරණය හෝ නිසි පරිදි පැළඳ සිටියේ නැත. ආහාර ද්‍රව්‍ය විකුණන ඇයට එලෙස මුඛ ආවරණය නිසි පරිදි පැළඳ නොසිටීම නිරෝධායන නීති අනුව බරපතල වරදකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!