spot_img
spot_imgspot_img

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිඳ සීගිරියේ රජයේ ඉඩම් ගිල්ල හැටි

පුවත්

විදෙස්

රජයේ ඉඩමකට කූඨ ලේඛන සකසා සීගිරියෙන් පර්චස් 90ක් අයිති කරගෙන

සුපිරි ක්‍රීඩක බිරිඳ අඩු ආදායම්ලාභියකු සේ පෙනී හිටලා. සොයන විට විදේශගත වෙලා

ලෝක පූජිත ක්‍රීඩකයා රුපියල් 7,000ක මාසික ආදායම් ලබන ගොවියෙක් බව කියලා

තම කාර්යාලයේ නිලධාරීන් සහතික කළ නිසා අත්සන යෙදූ බව ප්‍රාදේශීය ලේකම් කියයි

ග්‍රාම නිලධාරීවරයාගේ වැඩ තහනම් කරලා

රජයේ ඉඩම් ඉතා සූක්ෂම ලෙස ව්‍යාාජ ලිපි ලේඛන සකසා රාජ්‍ය සේවකයන් ‍සහ තැරැව්කරුවන් එක්ව ව්‍යාපාරිකයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්කේ බිරින්දෑවරුන්ට සහ විවිධ ව්‍යාපාරික ප්‍රජාවට අළෙවි කිරිමේ ජාවාරමක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදුකෙරෙන බව තොරතුරු දැනගැනීමේ පනත අනුව හෙලිදරව්කිරීමට ඉකුත් දා හැකිවිය

දඹුල්ල සහ සීගිරිය අවට ප්‍රදේශවල කාලයක් තිස්සේ රජයේ ඉඩම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන් ම වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩකඩම්වලට ද ව්‍යාජ ඔප්පු සහ බලපත්‍ර සකසා මෙම ඉඩම් ජාවාරම සිදු කරගෙන යන බව ප්‍රදේශය පුරා මහජනතාව දන්නා කරුණකි.

මේ පිළිබඳ කිසිදු අයකුගේ අවදානමක් යොමු නොකොට විශාල වශයෙන් සංචාරක හෝටල් සංචාරක කර්මාන්ය මෙන් ම විවිධ බෝග වගා කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පැවතිණි. එමෙන් ම ඉඩම අළෙවි කිරීම කූඨ ලේඛන සැකසීම පදිංචි සහතික ලබාදීම හැඳුනුම්පත් සැකසීම ආදී සියලු ඉඩම් ගනුදෙනු සඳහා සංවිධානාත්මක ඉඩම් තැරැව්කරුවන් රැසක් ද කිසිදු නීතියකට අවනත නොවී දඹුල්ලේ ක්‍රියාත්මක වෙමින් සිටිති.

කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ව්‍යාජ පදිංචි සහතික, ව්‍යාජ හැඳුනුම්පත් සහ මාසික රුපියල් 7000කට අඩු ආදායම්ලාභී අයකු ලෙස කූඨ ලේඛන සකසා රජයේ ඉඩමක් පවරා දීමේ තොරතුරක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු දැනැගැනීමේ පනත හරහා අනාවරණය කරගැනීමට හැකිවිය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්‍රාම නිලධාරීවරයෙක් හදිසි වැඩ තහනමකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත තොරතුරු දැනගැනීමේ පනත හරහා මෙම රජයේ ඉඩම් කා විසින් කවුරුන් හට පැවරුවේ ද යන්න විස්තර ඉල්ලා අයදුම්පත්‍රයක් ලබාදීම සිදුකළ අතර එයට ලබාදුන් තො‍රතුරු අනුව ඉතා සූක්ෂම ලෙස මෙම සුවිශාල වූ හෙළිදරව්ව කිරීමට හැකිවිය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිලත්තාව ප්‍රදේශයේ පදිංචි ඇතුල් පේලිගේ පද්මිණි නමැති කාන්තාවක වන අඩු ආදායම්ලාභී කාන්තාවක විසින් මෙම ඉඩම රජයෙන් පවරාගෙන භුක්ති විඳිමින් සිට තිබේ.

පසුව ඇයට එම ඉඩම භුක්ති විඳීමෙන් ඉඩම නඩත්තු කරගැනීමට නොහැකි නිසා තවත් අඩු ආදායම්ලාභී කාන්තවකට පවර දෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව හිමිකම් පැවරීම සඳහා වසමේ ග්‍රාම නිලධාරීවරයා මෙන් ම ඉඩම් නිලධාරී ජනපද නිලධාරීවරයා ද හිමිකම් පරීක්ෂා කර සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම් වෙත ලබාදිය යුතුය.

අවසානයේ දී ප්‍රාදේශීය ලේකම් විසින් එම පැවරීම සනාථ කරන අත්සන ඔහු විසින් යොදනු ලැබේ.

රජයේ ඉඩම් නොමිලයේ එසේ පැවරීම සිදු කරනු ලබන්නේ අඩු ආදායම් ලාභී පවුල්වල ආර්ථික සංවර්ධනය ඉටුකිරීම නිසාවෙනි.

ඒ අනුව ඉහළ ඇරෑවුල දඹුල්ල යන ලිපිනයේ පදිංචි වබව කියන එහෙත් එහි පදිංචි නැති සුපිරි කතකට මෙම ඉම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය ගේ අත්සනින් යුතුව එය දෙසැම්බර් 14 දින පවරා ඇතිබව ලිපි ලේඛන අනුව සනාථ වී තිබේ. පැවරුම්කාරියගේ ස්වාමි පුරුෂයා ගොවිතැන් කරන මෙම දෙමපළට දරුවන් නැති බව ද ග්‍රාම නිලධාරීවරයා සනාථ කර තිබේ.

අමතරව පවුලේ මාසිකව රුපියල් 7,000ක අඩු ආදායම්ලාභී බව ද ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව ද ග්‍රාම නිලධාරීවරයා සනාථ කර ඇත. මෙම කාන්තාව ඉහළ ඇරෑවුල දඹුල්ල පිලිනයෙ පදිංචි බවට ජාතික හැඳුනුම්පතක ඡායාපිටපතක් ද ලිපි ගොනුවට ඇතුළත් කර ඇත්තේ පදිංචිය හවුරු කිරීම සඳහාය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු අනුව එවැනි කතක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි වී හෝ පදිංචි වී නැත. ඉහළ ඇරෑවුල දඹුල්ල යන ලිපිනයේ පදිංචි හෝ ජාතික හැඳුනුම්පතක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා නිකුත් කර නැත.

මෙම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ කවුරුන්ද යන්න තහවුරු වී නැත. කාන්තාව අඩු ආදායම්ලාභී කාන්තාවක් බවට ග්‍රාම නිලධාරීවරයා ලිඛිතව පෙන්වා දී ඇති කාන්තාව ප්‍රවීන ක්‍රිකට් ක්‍රීජකයකුගේ බිරිඳ බව පසුව හෙළි විය.

තොරතුරු දැනගැනීමේ පනත අනුව ලබාගත් දත්තයන් වලට අනුව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීගිරිය කලාපයේ රුඩ් 02යි පර්චස් 15.1 රජයේ ඉඩමක් මෙසේ එම බිරියට පැවරී තිබේ.

මෙම වැරදි තොරතුරු ලබා දී රජයේ ඉඩම් ලබාදුන් ග්‍රාම නිලධාරීවරයාගේ සේවය අත්හිටුවීමේ සිද්ධිය සම්බ්නධයේන අප දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ.පෙරේරාගෙන් විමසීමක් කළෙමු. ව්‍යාජ ලිපි ලේඛන සකසා රජයේ ඉඩම් පැවරීම සම්බන්ධයේන සිදු කරන ලද මූලික පරීක්ෂණයට අනුව ග්‍රාම නිලධාරීවරයා ගේ සේවය අත්හිටුවා තිබෙන බව හෙතෙම කීවේය. උදව් කළ තවත් පිරිස් ඇත්දැයි යන්න විශේෂ පරීක්ෂණයක් පවත්වා එම පිරිසට ද නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරියගෙන් විමසීමේ දී කියා සිටියේ මෙම ලිපි ‍ගොනුවට තමාගේ අත්සන යොදා තිබෙන බවය. ඉඩම් හිමිකම් පැවරීමේ සිද්ධියක දී ග්‍රාම නිලධාරීවරයා ඉඩම් නිලධාරිවරයා ඇතුළු කණ්ඩායමක් විශේෂ පෝරම් කිහිපයක් පිරවිය යුතු බවත්, අඩු ආදායම්ලාභියකු බවට සහතික කිරීම  එම අයට දරුවන් සිටී නම් ඒ දරුවන්ගේ කැමැත්ත ලබා ගගැනීම වෙනත් සම්බන්ධකම් ඇත්නම් ඒ බව සනාථ කිරීම විශේෂයෙන් ම ඔවුන් අඩු ආදායම්ලාභී බවට සනාථ කිරීම, පදිංචියය සියල්ල සළකා බලා තමා අතට මෙම ලිපිගොනු ලැබෙන බවත් හෙතෙම පවසයි.

 පහළ නිලධාරීන් සනාථ කර තිබීම හේතුවෙන් තමා එම ඉඩම් පැවරීම සඳහා තම අත්සන‍ෙ යෙදූබව ප්‍රාදේශීය ලේකම්වරයා කියයි.

පසුව මෙම ඉඩම් වෙනත් වාණිජ කටයුත්තක් සඳහා යොදා ගැනීමට අවැසි බව තමාට ලද දුරකථන ඇමතුමකින් අනාවරණය වූ බවත් පසුව තමන් මෙම ලිපිගොනු පරීක්ෂාකිරීමේ දී වැරදි තොරතුරු ඇතුළත් කර ඇති බව අනාවවරණය කරගැනීමට හැකි වූ බවත් හෙතෙම සඳහන් කළේය.

ඉඩම පෙර අයිති පේළියේ පද්මිණී යන අයගෙන් අප විමසීමේ දී කියා සිටියේ තමා සහ සැමියා දැඩි අසනීප තත්ත්වයෙන් සිටින නිසා තමා ඉඩම ආසන්නයේ ඉඩමේ අයකු ප්‍රතිකාර සඳහා උදව් කර මුදල් ලබාදුන් නිසා තම ඉඩම ඔහුට පැවරූ බවයි

ඉඩම දැනට පැවරී ඇති ඉහළ අරෑවුල දඹුල්ල ලිපිනයේ පදිංචි බව කියන අඩුආදායම්ලාභී කාන්තාවව හඳුනන්නේ නැති බව ද ඇය පවසයි. තොරතුරු දැනගැනීමේ පනත අනුව මේ ඉඩම් පැවරීමේ ලිපි ගොනු ලබාගෙන පරීක්ෂාකිරීමේ දී මෙම පැවරීමේ සාක්ෂිකරුවන් ලෙස ඩබ්ලිව්.ජී.අයි.සංජීව සහ ඩබ්ලිව්.ජී.ඒ.ජී.වර්ණසූරිය යන දෙදෙනා අත්සන් තබා තිබිණි.

අප මේ පිළිබඳ ඩබ්ලිව්.ජී.ඒ.ජී.වර්ණසූරියගෙන් විමසීමේ දී කීවේ තමන්ට හිතවතකු මාර්ගයෙන් අත්සන් තැබූ බවත් මේ පිළිබඳ කිසිවක් නොදැන අත්සන් කළ බවයි. එමෙන් ම අනේක සාක්ෂිකරු වූ ඩබ්ලිව්.ජී.අයි.සංජීව අසේල කියා සිටියේ ඉඩම පවරාගත් කාන්තාව වසර 10ක සිට දන්නා හඳුනන නිසා ඇය ඉඩම භුක්ති විඳිමින් සිටි යුවළට උදව් කළ නිසා මේ ඉඩම පැවරීමට අවශ්‍ය කටයුතු සිදුකළ බවයි. මෙම ලියකියවිලිවල වරදක් ඇති නිසා ඒ බව ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම්ව් කළ බව කීවේය. ඉඩම ලබාගත් කාන්තාව සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලා සිටිය දී කියා සිටියේ ඇය විදේශගතව සිටින බවයි.

(සිළුමිණ 2021-03-07)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!