දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ නීතිඥ යූ.ජී.ඩී.ආරියතිලක අද (27) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේය.
රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු වන ආරියතිලක එම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු විධායක කමිටු සාමාජිකයකු, උප සභාපතිවරයකු මෙන්ම උප අනුශාසකවරයකු ලෙස ද කටයුතු කළේය.
විද්‍යාලයේ නේවාසික ශිෂ්‍යයකු ලෙස 1962 සිට 1971 දක්වා කාලය තුළ අධ්‍යාපනය ලැබූ ආරියතිලක කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් වල සාමාජිකයකුද වූ අතර 1966 වසරේදී වයස අවුරුදු 16 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරා ඇත. පාපන්දු ක්‍රීඩකයකු මෙන්ම මළල ක්‍රීඩකයකු ද වූයේය.
වසර 15ක් අඛණ්ඩව දකුණු පළාත් සභාවේ විවිධ අමාත්‍යධූර දැරූ ආරියතිලක මියයනවිට 69 වැනි වියේ පසුවූයේය. කරාපිටිය ශික්ෂණ රෝහලේ දී හදවත් සැත්කමක් සිදුකර සිටිය දී ඔහු මෙලෙස මියගියේය. උඩලමත්ත ගමගේ දයාවංශ ආරියතිලක නමැති ඔහු ප්‍රසිද්ධියට පත්වූයේ යූ.ජී.ඩී. යන නමිනි.
ඔහුගේ දේහය අද රාත්‍රී රිච්මන්ඩ් කන්දේ නිවසට ගෙන ඒමට නියමිතය.