Deprecated: Function jetpack_form_register_pattern is deprecated since version jetpack-13.4! Use Automattic\Jetpack\Forms\ContactForm\Util::register_pattern instead. in /home/ratasinhala/public_html/wp-includes/functions.php on line 6031
එකම රටක පාසල් දෙකකට නීති දෙකක් - Rata.lk
spot_img
spot_imgspot_img

එකම රටක පාසල් දෙකකට නීති දෙකක්

පුවත්

විදෙස්

හම්බන්තොට දිස්ත්‍රික්ක්යේ පාසලක පවත්වවමින් සිටි උත්සවයක් නවතා දැමීමට තංගල්ල මූලස්ථාන පොලිසිය අද (16) කටයුතු කළ අතර ගාල්ලේ පාසලකට අධ්‍යාපන අමාත්‍යවරයා පැමිණ විවෘතකිරීම් ද සිදුකර අසළ තිබූ පාසලක නිරීක්ෂණයට ද ගියේය.

මේ එකම අමාත්‍යාංශයක, එකම පළාතක, එකම රටක පාසල් දෙකකට නීතිය දෙආකාරයකින් බලපා ඇති ආකාරයයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පාසල්වල පවත්වන සියලුම ආකාරයේ උත්සව නැවත දැනුම්දෙන තුරු නවතා දමන්නයැයි උපදෙස් නිකුත් කර තිබිණි. එසේ වුව ද අද ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ පැවති උත්සවය සඳහා ඔහු ද පැමිණ සිටියේය.

තංගල්ල බාලිකා විද්‍යාලයේ දරු දැරියන් සහභාගී කරගෙන උත්සවය පවත්වමින් තිබූ අතර ඒ සඳහා සිසු සිසුවියෝ, ගුරුවරු සහ විදුහල්පතිවරු සහභාගී වී සිටියහ. පොලිසිය කළේ එම ජාතික පාසලේ උත්සවය නවතා දැමීමයි.

ගාල්ලේ ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ පැවැති විවෘතකිරීමේ උත්සවයට ද පාසල් සිසුන්, ගුරුවරු, විදුහල්පති, ආදි සිසුන් සහ අධ්‍යාපන බලධාරීන් ද සහභාගීවීමට නියමිතව තිබූ අතර අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් අනුව කටයුතු කරමින් අද ඒ සඳහා සිසුන් සහභාගී කරවාගත්තේ නැත. අමාත්‍යවරයා පිළිගැනීම සඳහා සූදානම් කර තිබූ තූර්යවාදක කණ්ඩායම පවා ඒ සඳහා යොදා ගත්තේ නැත. නමුත් පාසලේ උත්සවය පැවැත්විණි.  ස්මාර්ට් පන්තිකාමර විවෘතකිරීමේ අවස්ථාවට පමණක් සිසුන් කිහිප දෙනකු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම උපයෝගී කරගනිමින් සහභාගී කරවීමට කටයුතු කර තිබිණි.

මේ උත්සවය අවසානයේ දී අධ්‍යාපන අමාත්‍යවරයා, ලේකම්වරයා සහ ජාතික පාසල් අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම ආසන්නයේ තිබූ ශ්‍රී හෘදය කන්‍යාරාමයට ද ගියේය. ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පාසල් උත්සව අවලංගුකරන ලෙස උපදෙස් නිකුත් කිරීමට පෙර ශ්‍රී හෘදය කන්‍යාරාමයට ද නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණෙන බවට දැනුම් දී තිබිණි. හදිසියේම එම නිරීක්ෂණ චාරිකාව ඔවුන් යොදාගත්තේ ඇලුවීෂියස් උත්සවය ද නිරීක්ෂණ චාරිකාවක් බව තහවුරු කිරීමට මිස අවශ්‍යතාවකට නොවන බව පැහැදිලි කරුණකි.

තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් උත්සවය පැවැත්වෙන භූමිියට පැමිණ එය නවතා දමන ලෙස උපදෙස් දුන් අතර ගාල්ලේ මූලස්ථාන පොලිසිය පාසලේ උත්සවයට අවශ්‍ය ආරක්ෂාව සළසා තිබිණි. අලුවීෂියස් විද්‍යාලයේ උත්සවය සඳහා ප්‍රදේශයේ ඉහළම පොලිස් නිලධාරීන් ද සහභාගී වී සිටියහ.

පාසල් උත්සව අවලංගුකරන ලෙස උපදෙස් දුන් අධ්‍යාපන ලේකම්වරයාට තමන්ගේම උපදෙස් නොතකා සහභාගී වූ ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ උත්සවය සාමාන්‍ය නිරීක්ෂණ චාරිකාවක් බවට පත්වුව ද ඒ උත්සවය සඳහා ආරාධනාපත්‍ර ද මුද්‍රණය කර බෙදාහැරි බව ද සිහිපත් කළ යුතුය.

එය උත්සවයක් නොවේ යැයි ඔවුන් පවසන්නේ පාසල් සිසුන් සහභාගී කරවා නොගැනීමට තරම් පරෙස්සම් වූ බැවිනි.

තංගල්ල බාලිකා විද්‍යාලයේ සංවිධානය කළ උත්සවය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාවකට උපහාර පිදීමකි. ඊට ප්‍රදේශයෙන් පිටත කිසිවකු සහභාගී වූයේ නැත. ගාල්ල‍ේ පැවැති උත්සවයක් නොවේ යැයි කියන උත්සවයට කොළඹින් විශාල පිරිසක් පැමිණ සිටියහ. එකම රටකට නීති දෙකකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!