spot_img
spot_imgspot_img

මුහුණු ආවරණිත හෙල්මට් පැළඳිය හැකි බව අභියාචනාධිකරණයේ දී තහවුරු වෙයි

පුවත්

විදෙස්

යතුරුපැදි ධාවනයේ දී සම්පූර්ණ මුුහුණ සහ හිස ආවරණය වන පිරිදි ආරක්ෂිත හිස්වැසුම් පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැය අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ අද (16) අභියාචනාධිකරණයේ දී කී‍ේවය.

වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නාමල් ප්‍රසංග නැමැති යතුරුපැදිකරුවෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක  සොලිස්ටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මේ බව කීවේය.

එම දැනුම් දීමත් සමඟ මෙම පෙත්සම්කරුට එරෙහිව වැල්ලවාය  මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස පොලිසිය වෙත නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලදී.

පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර සිටියේ සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ ගමන් කළේ යැයි චෝදනා කරමින් වැල්ලවාය පොලිසිය මගින් තමාට එරෙහිව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවය.

2017 වසරේ අංක 2 දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් රෙගුලාසි යටතේ මෙම නඩුව ගොනු කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු එම රෙගුලාසි නිසි පරිදි පාර්ලිමේන්තු මගින් අනුමත කර නොමැති බවත් එය නීතියට පටහැනි බව සඳහන් කළේය.

ඒ අනුව එම රෙගුලාසි යටතේ තමන්ට එරෙහිව නඩු පැවරීම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.

එහිදී නීතිපතිවරයා  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාලන්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සම්පූර්ණ මුහුණු ආවරණය කළ හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන් ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව කීය.

ඒ අනුව මෙම පෙත්සම්කරුට එරෙහිව වැල්ලවාය  මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස පොලිසිය වෙත නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා අනතුරුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!