spot_img
spot_imgspot_img

මන්ත්‍රීවරුන් එන්නත් කිරීම ඇමතිලා සාධාරණීකරණය කරන්නේ මෙහෙමයි

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා කොරෝනා එන්නත ලබාදීම ආරම්භ කළේ මෙතෙක් තිබූ ප්‍රමුඛතා ලැයිස්තුව සංශෝධනය කරමින් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඔහු පවසන්නේ සෞඛ්‍ය සේවයේ, ආරක්ෂක සේවයේ සාමාජික සාමාජිකාවන්ට එන්නත ලබාදීමෙන් අනතුරුව වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එන්නත ලබාදීමට කලින් තීරණය කර තිබුණ ද එම ප්‍රමුඛතාව නැවත සළකා බලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනතාව සමඟ ගැටෙන කණ්ඩායමක් ලෙස හඳුනාගෙන එන්නත් දීමට තීරණය කළ බවයි. අමාත්‍ය ජයසුමන පවසන්නේ අලුත් ප්‍රභේදය ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“විශේෂයෙන් ජනතාව සමග ගැටෙන කණ්ඩායමක් හැටියට මන්ත්‍රීවරු හඳුනගත්ත නිසාත් අලුත් ප්‍රභේදයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහාත් ගත්ත එක් පියවරක් හැටියට තමයි මන්ත්‍රීවරුන්ටත් මේ අවස්ථාව ලබාදෙන්න ඕනේ කියලා තීරණය කළේ. මන්ත්‍රීවරු පිරිසක් හොරෙන් ගිහින් එන්නත ලබාගත්තා නම් ඒක පෝලිම පැනලා ගැනීමක්. දේශපාලකයෝවීම නිසා ප්‍රමුඛතාව ලැබීමක් නෙමෙයි මේක. අවදානම නිසයි. මේ සම්පූර්ණ වැඩසටහනේ උපක්‍රමය මේ සතියේ සිට අපි වෙනස් කළා.”

චන්න ජයසුමන ධම්මික පැණිය ඇතුළු විවිධ පාන වර්ග කොරෝනා සඳහා ඖෂධයක් ලෙස යොදා ගැනීම සුදුසුයැයි ප්‍රචාරය කළ අමාත්‍යවරයෙකි. මේ වනවිට ඔහු එංගලන්තයේ සොයාගෙන ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදන සමාගමක නිපදවා ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම අනුමත කරයි.

(කාටූනය අවන්ත ආටිගල)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!