ගීත රචක සංගමයක් බිහිවෙයි

0
114

ගායක ගායිකා සංගමයේ හිටපුප සභාපති කීර්ති පැස්කුවල පසුගිය දා ගීත රචකයන් ඒකරාශී කිරීමේ වැඩකට අතගැසුවේය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික ගී පද රචකයන්ගේ සංගමය බිහිකෙරිණි.

එහි අරමුණු පැහැදිලි කළ කීර්ති පැස්කුවල් මෙසේ කීවේය.

”ගීත රචක සංගමයක් මුල්වරට ඇරඹුණේ 1991 දී. ඔස්කා සංවිධානය ආරම්භවීමත් සමඟ පෙර කී ගීත රචක සංගමය අකර්මන්‍ය වුණා. නමුත් මේ වනවිට ගායක ගායිකාවන්ට වෙනම සංගමයක් තියෙනවා. නළු නිළියන්ට වෙනම සංගමයක් තියෙනවා. සංගීත අධ්‍යක්ෂවරුන්ට වෙනම සංගමයක් තියෙනවා. ගීත රචකයන්ට විතරයි සංගමයක් නැත්තේ. මේක විශාල අඩුවක්. ඇත්තටම මං දකින විදියට ගීත රචක සංගමයක් බිහිවිය යුත්තේ මීට කාලෙකට කලින්, කොහොමහරි ගීත රචකයන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ප්‍රබල සංවිධානයක් අවශ්‍යයි. ඒකට ප්‍රවීන පරපුරේ වගේ ම නූතන පරපුරේ දායකත්වයත් තිබිය යුතුයි. අපි මේ ආරම්භ කළ සංගමය හරහා ගීත රචකයන් වෙනුවෙන් හඬක් නැගීමයි කළ යුත්තේ.”

මෙම සංගමයේ සභාපතිත්වයට ප්‍රවීන ගීත රචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ තෝරා ගැණුනු අතර සම සභාපතිත්වයට නිලාර් එන්. කාසිම් ද, ලේකම් තනතුර සඳහා ජෝර්ජ් රොබ්සන් ද සිල්වා, භාණ්ඩාගාරික ලෙස බන්දුල නානායක්කාරවසම් ද තේරී පත්වුණු අතර, අනෙකුත් තනතුරු සඳහා ප්‍රවීනයන් ද නවකයන් ද සම සමව පත්කෙරිණි. සංගමයේ ප්‍රධාන සංවිධායක ලෙස කීර්ති පැස්කුවල්ගේ නම යෝජනා කළ ද ඔහු ඊට දැඩි සේ විරුද්ධ විය. එහෙත් මේ සංගමය සංවිධාන කටයුතු වෙනුවෙන් විශාල බරපැනක් ද දැරූ කීර්ති පැස්කුවල්ට ම සංගමයේ ප්‍රධාන සංවිධායක කම බාරගන්නට වූයේ සියයකට අධික සාමාජිකයන්ගේ බලවත් ඉල්ලීමෙන් අනතුරුව වීම ද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here