spot_img
spot_imgspot_img

ජය ශ්‍රීලාගේ රුවිතේ අහන්න, මේ සිකුරාදාට සෙට් වෙන්න

පුවත්

විදෙස්

ජය ශ්‍රී කණ්ඩායම අලුත් වැඩකට එක‍්වෙලා ඉන්න බවට වුණු පුවතක් පහුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණා. මේ ගැන විවිධාකාර කතා නැගෙන්න ගත්තා. ජය ශ්‍රී එක්වෙලා ඉන්න කටයුත්ත ගැන ඔවුන්ගේ රසිකයින් විවිධාකාර කතා මවාගත්තා. ජය ශ්‍රී ලා දියමන්ති බිස්නස් එකක් කරන්න යනව ද,  නැත්නම් අලුතින් විලා එකක් කරන්න යනව ද කියන ප්‍රශ්නය බොහෝ දෙනෙක්ට තිබුණා. මේ එක එක කතා මැද්දේ තමන් කරන්න යන්නේ මොකක්ද කියන එක ගැන ඇත්ත ඊයේ (24) දින ජය ශ්‍රී එෆ් බී පිටුවෙන් අනාවරණය කළා‍.

මේ ගැන පැහැදිලි කරපු රෝහිත කිව්වේ, ‍

‘සෑහෙන හාහෝවක් යනවා. ජය ශ්‍රී කියනවා. රුවිතේ කියනවා. මතුවෙන්න කියනවා. බඩු හොඳයි කියනවා. සැරයි කියනවා. ඇත්තටම අපිට කියන්න ඕන, ඕගොල්ලන්ට ගෙස් කරන්න මං දුන්නේ.

මේක සිංදුවක් ද. නැත්නම්, ජය ශ්‍රී ලා දියමන්ති බිස්නස් එකකට බැහැලද. ජය ශ්‍රීලගේ වෙනම දෙයක් ද. ඔන්න ඔහොම කියලා. ඉතිං, කොහොම වුණත් අපිට කියන්න ඕන, මෙන්න මෙච්චරයි. අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ.’ යන්නයි.

කොහොම වුණත්, මේ කියන රුවිතේ එළඹෙන 28 වෙනිදා හවස 5 ට ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් නිකුත්වෙන්නට නියමිතයි.

මේ ගීතය නරඹන්න ජය ශ්‍රී රසිකයින් සියලුම දෙනාට ආරාධනා කරන රෝහිත කියන්නේ,

‘ඉතිං. දක්ෂයෝ ටිකක් එකතුවෙලා කරපු ලස්සන සිංදුවක්. අපි හිතනවා ඕගොල්ලෝ සියලුම දෙනා ගොඩක් ආදරෙන්, අපේ අනික් සිංදු වගේ මේක වැළඳගනියි කියලා.’ යන්නයි.

එහෙනම්, අමතක නොකර මේ සිකුරාදා හවසට ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාව බලන්න.

(Advertorial)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!