spot_img
spot_img

‘මතුවෙන්න – විඳගන්න’ – ජය ශ්‍රී

පුවත්

විදෙස්

පහුගිය දවස්වල ජය ශ්‍රී ලා සමාජ මාධ්‍ය හරහා කියපු ඩයමන්ඩ් වැඩේ මේ වෙද්දී එළියට ඇවිත් තියෙනවා. ඒ තමයි ජය ශ්‍රී ලගේ අලුත්ම නිර්මාණය වෙන ‘මතුවෙන්න – The Diamond Story’ ගීතය‍. මේ ගීතයෙන් ජය ශ්‍රී ලා ආරාධනා කරන්නේ ලංක‍ාවේ තාරුණ්‍යයටයි. ජයගන්නට පුළුවන් තුරුම්පුවක් වෙලා, ඩයමන්ඩ් එකක් වගේ තමන්ගේ හැකියාවන් ඔපමට්ටම් කරගෙන, ජවයෙන් තමන්ගේ නිවැරදි මාවත තෝරාගන්නට ඉන් ආරාධනා කරනවා.

සමන් අමුණුකන්දගේ ගීත හා රූප රචනයෙන් නිර්මාණය වුණු මේ ගීතයේ සංගීත නිර්මාණය රැප්සිලා (සාරංග දිනේෂ්). දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය වගේ වෙනස් අන්දමේ සුන්දරත්වය කැටිවුණු ලංකාවේ විවිධ ප්‍රදේශ වල මෙහි රූප රචනය වෙලා තියෙනවා.

‘සැනසුම මෙතැනයි

දිවිය විඳින්නට

තවත් නැත කාලයක්

රුවිත අ‍තේ ඇති

ජවය හිතේ ඇති සොයා හරි මාවතක්

‍හෙට පූදින හිරු කිරණ පෙරටු කොට

තුරුම්පුවක් වෙන්න

අපේ ලොවේ යළි උදානයට ජය පාර කියාදෙන්න’

තමන්ගේ හැකියාවන් ඔපමට්ටම් කරගෙන නිවැරදි මාවතේ පියනගන්නට ජය ශ්‍රී ලා මේ ගීතයෙන් ආරාධනා කරන්නේ අපේ තාරුණ්‍යයටයි‍.

අපි බොහෝ වෙලාවට දැකලා තියෙන්නේ ජය ශ්‍රී ලා ප්‍රසංග වේදිකාව තුළ කරන නිර්මාණ. ඒත්, මේ ගීතය විශේෂ වෙන්නේ කාලෙකට පස්සේ ඔවුන්ගේ හඬින් ගයා රූප රචනා කෙරුණු නිර්මාණයක් විදියට‍ එළිදක්වා තිබෙනවා.

රූප රචනය පුරාවට දකින්නට ලැබෙන්නේ ඩයමන්ඩ් සංකේතයි‍. පහුගිය දවස්වල ජය ශ්‍රී ලා කිව්ව ඩයමන්ඩ් කතාව ඇත්ත බව මේ ගීතයෙන් දකින්න පුළුවන්. ඩයමන්ඩ් වගේ හැකියා ඔපමට්ටම් කරගෙන තාරුණ්‍යයට නැගිටින්නට ආරාධනා කරන ජය ශ්‍රී ලා කියන්නේ, කොතැනක වුණත් රුවිත විඳින්නට කිසිම භේදයක් නැති බවයි. ‍

‘ජයපැන් බොන්නට

හිතවත් වෙන්නට

අනාගතය දකිනා

යහ මිනිසුන් මැද තුරුම්පු උතුරා ලොවම රසෙන් බැ‍ඳෙනා’

මතුවෙන්න – විඳගන්න. එක්වන්න.

(Advertorial)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!