spot_img
spot_imgspot_img

ගාල්ල දොඩංදූවේ කොරෝනා ආසාදිත කාන්තාවගේ සිරුර ආදාහනය කරයි

පුවත්

විදෙස්

ගාල්ල ‍දොඩංදූවේ පදිංචිව සිටිය දි කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ (17) මියගිය කාන්තාවගේ සිරුරු රජයේ වියදමින් ආදාහනය කළ බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් තිබුණේ දොඩන්දූවේ පටුවත පදිංචි 78 හැවිරිදි දෙදරු මවකි. කළක සිට පිළිකා රෝගයකින් පීඩා විඳි ඇයගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර කියා සිටියේ සිරුර පුරා පැතිරී තිබූ පිළිකා තත්ත්වය උත්සන්න වීමෙන් සහ කොරෝනා ආසාදනයෙන් මෙම කාන්තාව මියගොස් ඇති බවයි.

මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය රත්ගම හදිසි මරණ පරීක්ෂක සාගරිකා නිල්මිණි මරණ පරීක්ෂණය පැවැත්වූවාය. දේහය ආදාහනය කිරීමට ඥාතීන් සිය කැමැත්ත ලබාදුන්න ද ඥාතීන් නිරෝධායනයට යොමුකර ඇති බැවින් සිරුර ආදාහනය කිරීම රජයේ වියදමින් අද (17) සවස සිදුකරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!