spot_img
spot_imgspot_img

කොරෝනාවට එහා ගිය ප්‍රශ්න – PHI තැබූ සටහනක්

පුවත්

විදෙස්

මේවා මාධ්‍යයේ පල නොවන අතර නිරන්තරයෙන් status නැතහොත් මහජනයාට තොරතුරු ලබා දෙන අය එනම්…

කොරෝනා මෙච්චරයි අච්චරයි.

අරෙහෙ කොරෝනා මෙහෙ කොරෝනා

අපි මේක කළා. අරක කළා

අපි මෙව්වා දුන්නා.

කියා කියා පොස්ට් දමන අයත් නොලියූ කතාවකි.

කොරෝනා ද භයානක රෝගයකි.

ඒ නිසා භීතියෙන් සමාජය ඇලලී ගොස් ඇති බව සැබෑවකි.

මේ කතාව කියවා රෝගය සැහැල්ලුවට ගන්න එපා.

කොරෝනා රෝගය සෑදූනු අයෙක්ගෙන් කොහොමද දැන් සැප සනීප කියා ඇසුවොත්

” මැරිලා ගොඩ ආවේ “යැයි කියන්නෙ කලාතුරකිනි.

මරු ගෙදරට වඩා හොදින් හිටියා.

කෑම බීම ලැබුනා.

බෙහෙත් පෙත්තක් වත් නෑ ඇදන් උඩට වෙලා ඔහේ හිටියා.

ඔවැනි ප්‍රකාශ ඕනෑ තරම් ඔබට අසන්නට ලැබේවි.

ලංකාවේ කොරෝනා නිසා මියගිය බහුතරයක් දෙනා මිය ගියේ නිවසේදී බව මතක තබා න්න.

විශේෂයෙන්ම වැඩිහිටි සහ විවිධ රෝග වලින් පෙලෙන අය මෙහිදී කැපී පෙනෙන ලෙස මිය ගිය අතර ඔවුනගේ දීර්කාලීන රෝගයට අමතරව කොරෝනා රෝගය ද කැපීපෙනෙන ලෙස බලපෑමක් සිදු කරයි.

කතාව මෙයයි.

ඒ ගෙදර මැරෙන අය හෝ කොරෝනා නිසා මිය යන අය ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔබ බදු ගෙවන රජයේ ප්‍රධාන වගකීමකි.

ඒ වගකීම ඉටු කිරීමට නම් රජය වෙනුවෙන් පෙනී සිටින අපට වෙත ඔබගේ සහාය කාරුණිකව ලබා දෙන්න..

ඔබ ආසාධිතයෙක්ද නැද්ද තහවුරු කිරීම ද එමගින් ඔබේ ආශ්‍රිතයින්ගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කරගැනීමද ඔබ ලබාදෙන ඇත්ත විස්තරය අත්‍යවශ්‍ය ම උපකාරයකි.

ඔබ ආසාධිතයෙක් යැයි සිතමු.

ඔබ ආගිය සෑම තැනකටම අප යා යුතුය.

ඔබ ආශ්‍රය කල සෑම කෙනෙක්ම අප සොයා ගත යුතුය.

ඔවුන් නිරෝධායනය කල යුතුය.

ඔවුන්ගේ ආශ්‍රිතයින්ට ද ආරක්ෂා වන්නටයැයි උපදෙස් දිය යුතුය.

ඒ බැව් අදාල සෞඛ්‍ය අංශවලට දැනුම් දිය යුතුය.

මේ සියලූම තොරතුරු සියල්ලම ලේඛන ගත කල යුතුය. .

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඔවුන්ට සුබ සාධක කටයුතු සැලසිය යුතුය.

බෙහෙත් සැපයිය යුතුය.

පොලීසිය හරහා ආරක්ෂාව සැලසිය යුතුය.

එම සියලූම දේ ඔක්කොටම කලින් ඉල්ලගෙන එන පිරිසක්ද සිටිති.

ඔවුන්ටද මේ තොරතුරු ලබා දිය යුතුය.

ඔවුන් ඒවා කොහේ කොහේ යවනවාද කුමකට භාවිතා කරනවාදැයි ද කොහේ කොහේ Post දානවාදැයි අප දන්නෙ නැත.

මන්ද අප ලබා දෙන තොරතුරු වලින් පෙරලා ඔවුන්ගෙන් අපට ප්‍රයෝජනවත් තොරතුරක් ලැබෙන්නෙ නම් නැත.

ලැබෙන්නෙ තවත් කරදරකාරී දුරකථන ඇමතුම් රාශියක් පමණි.

ඒ අස්සේ ලෙඩාට නිසි පරිදි දැන්විය යුතුය.

ලෙඩාට දැන් වූ පසු ලෙඩාගේ ප්‍රශ්න කෝටීයකි.

දීර්ඝකාලීන රෝගාබාධ ,කුඩා දරුවන් සිටීද , නිවසේ ඉතුරුවන අයගේ ආරක්ෂාව.

ඒ අයගේ ප්‍රශ්න, ගෙනියන තැන , ගෙනිච්චා ම ආයේ ගෙනත් දානවාද , රෝග ලක්ෂණ නොමැති නිසා මාව රැගෙන යන්නෙ ඇයි? ඔවැනි ප්‍රශ්න රාශියකි.

රෝගියා රැගෙන යන්නෙ ප්‍රතිකාර මධ්‍යස්ථානවලටය.

එහි සියල්ලොම ආසාධිතයින් වන නිසා රොගයට අමුතුවෙන් පැතිරීමක් නොමැත.

බෝවන මට්ටම අඩුවෙන තෙක් වෛද්‍ය අධීක්ෂණයෙන් තබා ගැනීම පමණක් එහි සිදුවේ.

එය අත්‍යවශ්‍ය ම.කරුණකි.

රෝගය උත්සන්න වුවහොත් ඉක්මනින්ම ප්‍රතිකාර ලබා දී ජීවිතය බේරා ගත හැක.

නිවසේදී එය කල නොහැක.

මේ අස්සේ ආදාහනය කිරීමේ ගැටලුවද පැන නැගී ඇත.

එය අපට නම් ගැටලුවක් නොවේ.

ඊට සරිලන නීතී සම්පාදනය කර ඇති අතර අවශ්‍ය නම් එය සංශෝධනය කිරිම පමණක් සෑහේ.

මේ කරුණ නිසාද සැඟවෙන පිරිසක් සිටී.

ඔවුන් සැගවීම නිසා රෝගය පතුරවන්නන් තවමත් නිවසේ සීටීමෙන් රෝගය තවත් ව්‍යාප්ත වීම පමණක් සිදු වේ.

රෝගය පාලනය කිරීමක් හෝ නිවසේ මිය යන අසරණයන්ගේ ආගමික අයිතිය ආරක්ෂා වීමක් ඉන් සිදු නොවේ.

ශ්‍රී ලාංකිකයන් වශයෙන් බහුතරයක් දෙනා නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින බව මාගේ පෞද්ගලික විශ්වාසයයි.

එයට තරාතිරමක් නොමැත.

ඔවුන් බොරුවට රෝගයෙන් ආරක්ෂා වෙනවා යැයි පෙන්වීමට උත්සාහ කරන අතර කොරෝනා භයානක රෝගයක් යැයි පවසමින් මුව ආවරණ පසෙකලා වැඩියෙන්ම කතා බස් කරන්නේ ඔවුන්ය.

අධ්‍යාපන මට්ටම, වත්කම හෝ දරන පට්ටම අනුව රෝගය බෝ වෙතැයි ඔවුන් අනුමාන කරයි.

ඇතැම් විට මාධ්‍ය හෝ වෙනත් ප්‍රචාරක ක්‍රම හරහා කොරොනා රෝගයේ කෙරුමා ඔවුන් යැයි ප්‍රචාරය කරයි.

මේ වසංගත පාලනය කිරීමේ කෙරුමෙක් සිටී.

ප්‍රධන වශයෙන් ම ඒ කෙරුමා වන්නේ ඔබයි.

ඔබටම පමණයි මේ වසංගතය පාලනය කල හැකි.

මිටරයක් යාගත නොහැකි කොරෝනා වූහාන් සිට ඔබේ ආලින්දයටම පැමිණ ඇත.

තවත් ඒ සදහා අටුවා ටීකා අවශ්‍ය නැත.

ඔබ පරීක්ෂා කල යුතු අයෙකු වුවද සෞඛ්‍ය අංශ පොලීසියට වලට ඔබ මග හැරෙන්නට පුලුවන.

ඔබ පරීක්ෂා කරන අවස්ථාවේ දී ඔබතුල රෝග ලක්ෂණ නොමැති වන්නට ද පුලුවන.

ඇතැම් විට වෛරසය සුලු වශයෙන් ඇතුලු වී තිබීමට ද පුලුවන.

සාම්ප්ලය ලබා ගන්නා විට එය නිවැරැදිව ලබා ගන්නට නොහැකි වන්නට ද පුලුවන.

පරීක්ෂණ කරන රසායනාගාරයේ දී නිසි ප්‍රතිපල නොලැබීමට ද පුලුවන.

ඔබට රෝගය පැතිරවූ පුද්ගලයා නිවසේ තවමත් සිටීමට ද පුළුවන.

මග හැරීමට බොහෝ අවස්ථා ඇත.

එබැවින්

මේ පිටුපස සුවිශාල ම මෙහෙයක් ඉටු කරනා සියලූම දෙනාගේ ප්‍රධානම පැතුම වන කොරෝනා වසංගතය අවසන් කිරිම සදහා ඔබේ සහාය අන් කවර දිනකටත් වඩා අවශ්‍යම මොහොතයි මේ.

කේ.ඒ. එල්. ජේ කරුණාරත්න

මහජන සෞඛය පරීක්ෂක

හිගුරුකඩුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!