spot_img
spot_imgspot_img

වැලි කපන්න ආ පිරිසට මාදම්පේ දී විරෝධය. පොලිසිය මැදිහත් වේ

පුවත්

විදෙස්

මාදම්පේ ප්‍රදේශයේ පොල් ඉඩමක පොල්ගස් ඉවත් කරමින් මහා පරිමානයෙන් වැලි කැණීමට ගත් උත්සාහයකට අද (31) ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ලවීම හේතුවෙන් පොලිසිය මැදිහත් වී එය නවතා දමනු ලැබීය.

ගම් වැසියන් පවසන්නේ සරු සාර පොල් ඉඩම් විනාශ කරමින් ඇතැම් ව්‍යාපාරිකයන් මේ වැලිකැණීම් සිදුකරන බවයි. ගැමියන් ඊට විරෝධය දක්වන අවස්ථාවේදී වැලි කැණීම සඳහා පැමිණි පිරිස් පිටත්ව යාමට උත්සාහ ගත්ත ගැමියෝ ඊට ද හරස්වූහ.

අවසානයේ පොලිසිය මැදිහත් වී ඔවුන්ට ඉවත්ව යාමට ඉඩ ලබාදුන් අතර ලබන 19 වැනි දා මේ සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවන නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු කලහකාරී ලෙස කටයුතු නොකරන ලෙසත් වැලි කැණීමෙන් වළකින ලෙසත් උපදෙස් දී ගැටලුව විසඳීමට කටයුතු කරන ලදී.

එම සිද්ධියට අදාල දර්ශන newsfirst ප්‍රවෘත්ති විකාශයෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!