spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 200 පනී

පුවත්

විදෙස්

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා ආසාදිත මරණ 05ක් පිළිබඳ තොරතුරු නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළ ගොස් ඇත.

අද නිකුත් කළ තොරතුරු අනුව සඳහන්කර ඇති මරණ

  • දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 72ක පිරිමි පුද්ගලයකු කළුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 28 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව දියවැඩියාව උග්‍රවීම නිසා ලේ විෂවීම හා කොරෝනා ආසාදනයයි
  • හෝමාගම පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක් අඹන්පොළ දිස්ත්‍රික් රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා බව හඳුනාගෙන ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට යවා ඇති අතර එහි දී අද (31) මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වය සමඟ ඇති වූ උග්‍ර පෙනහළු ආසාදනයකි.
  • කොළඹ 05 පදිංචි 61 හැවිරිදි කාන්තාවක් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ සිට කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී අද (31) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ අක්මා ආසාදනය සහ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.
  • ගලේවෙල පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ගලේවෙල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන විට (30) මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා 19 සමඟ ඇති වූ දියවැඩියා සංකූලතාවයයි.
  • පැල්මඩුල්ලේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටනි අතර 30 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා ආසාදනය, ලේ විෂවීම සහ පෙනහලු ආසාදනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!