spot_img
spot_imgspot_img

පලායමින් සිටි ආසාදිතයන් 04 දෙනෙක් අත්අඩංගුවට

පුවත්

විදෙස්

තමන් කොරෝනා ආසාදිතයන් බව දැනගත් වහාම පලායමින් සිටි පුද්ගලයන් 04 දෙනකු හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මීගමුව ප්‍රදේශයේ දී සොයාගත් බව පොලිසිය පවසයි.

මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මීගමුවේ ඉදිවෙමින් පවතින හෝටලයක සේවය කරමින් සිටිය දී පීසීආර් පරීක්ෂණයකට පසුගිය 21 වැනි දා යොමුකර තිබිණි. ඔවුන් අතරින් සිව් දෙනකු ආසාදිත බව තහවුරු වී ඇති අතර එ් බව හෝටල් කළමනාකාරීත්වය දැනුම් දී ඔවුන් රැගෙන යාමට එනවිට එම සිව්දෙනා පලාගොස් ඇතිබව හෙළිවිය.

පසුව සෞඛ්‍ය නිලධාරීන් සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකින් එම සිව්දෙනා හලාවත කොළඹ මාර්ගයේ රැඳී සිටිය දී සොයාගෙන ඇත.   

පසුව සෞඛ්‍ය අංශ බලධාරින්, පොලිසිය සමග එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව එම ආසාදිතයින් සොයාගැනීමට හැකිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!