spot_img
spot_imgspot_img

හරක් මැරීම තහනම් කරන්න ගිය ආණ්ඩුව. හරක් ගේමකට හිරවෙලාද ?

පුවත්

විදෙස්

හරක් මරන එක තහනම් කරන්න කැබිනට් පේපර් දැම්මා!

ඇකිලුවා!

දැන් දකුණු ආසියාවේ ලොකුම මස් සැකසුම් මධ්‍යස්ථානය හදනවා ලු. ඒක බොරුවක්.

මොකද ලෝකයේ දෙවැනියට ලොකුම හරක් මස් නිශ්පාදකයා ඉන්දියාව.

එච්චර ගොඩක් හරක් ඕස්ට්‍රේලියාවේ නවසීලන්තයේවත් නෑ. එකට ඉන්නේ බ්‍රසීලය.

ඒවා ඔක්කොම ලෝකේ තියෙන ලොකුම රටවල්. (ආසියාවේ ලොකුම ඒවා හදන එක අපිට මතක පරණ මාකටින් ට්‍රික් එකක් නේ )

ලංකාවේ හරක් ගොඩක්ම කන්නේ කැලෑ වල ඇවිදලා. Free Range Farming තියෙන්නේ. තාම දේශීය කිරි නිශ්පාදනයෙන් කිරි හදන්නේ 40% ක් විතර. මොකද කිරි සහ මස් නිශ්පාදනය අඩු මට්ටමක තියෙන්නේ.

අපි දන්න අඹේවෙල ෆාම් එකෙත් කන්න දෙන්න තණ කොල මදි නිසා දැන් මහියංගණය පැත්තෙන් ගෙන්නපු බඩ ඉරිඟු ගස් තමයි කන්න දෙන්නේ.

දැන් හෝ ගාලා රඹකැන් ඔය පැත්තේ කැලෑ කපන්නේ බඩ ඉරිඟු වවන්න.

සත්ත්ව කෑම වලට ඉල්ලුම වැඩි වෙලා නිසා.

ඒ වගේම පොළොන්නරුවේ හරක් සෝමාවතියේ කැලේට යවා ගන්න හදනවා.

අවශේෂ වනාන්තර චක්‍රලේඛය අවලංගු කරලා කැලෑ කපන්න පහසු කර ගත්තා!!!

ලංකාවේ කුකුළ්ලු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් විතර හදනවා. මේ රටට අවශය සියළුම මස් හදලා කොටසක් මාලදිවයිනට යවනවා. හැබැයි උන්ට කන්න දෙන කුකුළ් කෑම වලින් 40% යි හදන්නේ. ඉතිරිය ගෙන්නනවා.

මේකටත් බඩ ඉරිඟු ඕනේ.

මේ විදියට බැලුවාම කවුරු හරි ලොකු ගේමක් ගහනවා ආණ්ඩුව ඇතුලේ.

ඔහුට/ඇයට ඉඩම් ඕනේ. සත්ත්ව ආහාර හදන්න ඕනේ. මස් නිශ්පාදනාගාරයක් හදන්න ඕනේ. ඒකට කලින් හරක් මස් එපා වගේ පොඩි සීන් එකක් ගෙනාවේ. හැබැයි ගහන්නේ එලම ගේමක්. යටින්.

කෙසේ වෙතත් ලංකාවට මස් නිශ්පාදනය කියන කර්මාන්තය විද්‍යාත්මකව ගැලපෙන්නේ නෑ.

හේතුව අපිට ඉඩම් නෑ. හරක් මස් නිෂ්පාදනය කරන්න මුළු ලෝකෙන්ම කෘෂිකාර්මික භූමි වලින් 60% ක් භාවිතා කරනවා. නමුත් මුළු ලෝකෙන්ම කන මස් වලින් හරක් මස් කියන්නේ 24% යි.

ඒ නිසා හරක් මස් කිලෝ එකක් හදන්න ලොකු ඉඩම් ප්‍රමාණයක් ඕනේ.

ඉතිං අපිට තියෙන වර්ග කිලෝමීටර් 65610 ඇතුලේ ලොකු තණ භූමි හදන්න ඉඩ නෑ. ඉඩ හොයන්න වෙන්නේ කැලෑ වල. නමුත් අපිට දැනටමටත් තියෙන්නේ ඉතා කුඩා කැලෑ ප්‍රමාණයක්. 28% ක් කියමුකෝ.

අපි මේ ශ්‍රී ලාංකීය ජාතියේ පැවැත්ම තහවුරු කර ගන්න නම් වනාන්තර ප්‍රමාණය 40% ක් දක්වා වත් වැඩි කරන්න ඕනේ.

ඉතිං මේ කරන්න යන්නේ හරි යන වැඩක් නම් නෙවෙයි. ජාතික ප්‍රතිපත්ති ඕන වෙන්නේ ඒ නිසා. රජයට ස්ථාවරයක් ඕනේ ඒ නිසා.

නැතුව කාට හරි වුවමනාවට ලොකු ගේම් ගහන එක නම් කරන්නේ , රට එහෙම හදන්න බැරි වෙයි.

හයියෝ අපේ මිනිස්සු

(පැතුම් කර්නර් විසින් තම Facebook ගිනුමේ තැබූ සටහනකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!