spot_img
spot_imgspot_img

කොරෝනා මරණ 122 දක්වා ඉහළට

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වූ පුද්ලයන් 04 දෙනකු මියගොස් ඇතැයි රජයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර ඇත. ඒ අනුව මෙරට කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගියේය.

එම මරණ පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

  • කොළඹ 12 ප්‍රදෙශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයකු 29 වැනි දා නිවසේ දි මියගොස් තිබේ. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා සමඟ විෂබීජ ආසාදනයක් හේතුවෙන් සිදු වූ කම්පන තත්ත්වයක් බවයි.
  • කොලොන්නාවේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක් 29 වැනි දින නිවසේ දී මියගොස් ඇත. කොරෝනා ආසාදනය සහ මොළය අභ්‍යන්තරයේ සිදුවූ ලේ ගැලීමක් මරණයට හේතුව ලෙස දක්වා තිබේ.
  • 93 හැවිරිදි වියේ පසු වූ රාජගිරියේ පදිංචි කාන්තාවක් නොවැම්බර් 28 වැනි දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා සමඟ ඇතිවූ ලේ විෂ වීමක් සහ සමේ ඇති වූ ආසාදනයකි
  • කොළඹ 10 පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයකු පෞදගිලක රෝහලක දී කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව රෝහලට මරු කර යවා සිටිය දී  ඊයේ (30) මියගොස් තිබේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිදන්ගත පෙනහලු රෝගය සමග කොරෝනා ආසාදනය වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!