spot_img
spot_imgspot_img

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ, ඉතුරුම්වලට කුමක් වේ ද ?

පුවත්

විදෙස්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් සඳහා වර්ෂයකට රුපියල් බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍යවන බවත් එය පසුගිය කාලයේ රුපියල් බිලියන 105ක් තරම් ඉහළ ගොස් තිබූ බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු කියා සිටින්නේ මෙම මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාදිය යුතු බවකි. එබැවින් මේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් පොළී අනුපාතය සම්බන්ධයෙන් පැහැදිළි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමන්ට උපදෙස් ලබා දී ඇති බව ද හෙතෙම කීවේය.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඉතාමත් සංවේදීව සහ උනන්දුවෙන් කටයුතු කරන බවත් විවිධ වයස් තලයන්ගේ පොලී ප්‍රතිශත පිළිබඳ ලැබෙන ඉල්ලීම් සළකා බලා තීරණයක් ගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. එහි දීරටේ පවතින මුදල් සංසරණය වන ස්වභාවය ගැන ද සැළකිලිමත් වී වාර්තාවක් ලබාදෙන බව ද ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!