spot_img
spot_imgspot_img

රුසියාවේ මැතිවරණයෙන් පුටින්ට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් 

පුවත්

විදෙස්

රුසියාවේ පැවති මැතිවරණයෙන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් වාර්තාගත ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. පුටින් 87.8% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර එය රුසියාවේ පශ්චාත්-සෝවියට් ඉතිහාසයේ මෙතෙක් ලැබූ ඉහළම ප්‍රතිඵලය බව පැවසේ.

කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂක නිකොලොයි කරිටනොව් 4%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්විය.

යුක්රේනයට හමුදා යැවීමට මොස්කව් ගත් තීරණය නිවැදි බව සනාථ කරමින් පුටින් සිය බලය දැඩි ලෙස තහවුරු කරගෙන ඇතැයි විචාරකයෝ පවසති.

දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම සහ වාරණය හේතුවෙන් ඡන්දය නිදහස් හෝ සාධාරන නොවන බව ඇමරිකාව, ජර්මනිය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක් පවසා තිබේ.

1999 දී ප්‍රථම වරට බලයට පත් වූ හිටපු KGB ලුතිනන් කර්නල්වරයෙකු වන පුටින් මේ වනවිට 71 හැවිරිදි වියේ පසුවෙයි. පුටින් තවත් වසර 06ක ධූර කාලයක් ආරම්භ කිරීමට සූදානම් වන අතර එය සම්පූර්ණ කළහොත් ජෝසෆ් ස්තාලින් ද අභිබවා ගොස් රුසියාවේ දීර්ඝතම කාලයක් සේවය කළ නායකයා බවට පත්වනු ඇත.

යුක්රේනයේ “විශේෂ මිලිටරි මෙහෙයුම” සම්බන්ධ කාර්යයන් විසඳීමට ප්‍රමුඛත්වය දෙන බවත් රුසියානු හමුදාව ශක්තිමත් කරන බවත් පුටින් මොස්කව්හි ජයග්‍රාහී දේශනයකදී ආධාරකරුවන්ට පැවසීය.

පුටින් වාර්තාකරුවන්ට පැවසුවේ රුසියාවේ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ලෙස තමා සලකන බවත්, නවාල්නිගේ ආනුභාවයෙන් ඔහුට එරෙහි විරෝධතා මැතිවරණ ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් නොකළ බවත් ය.

කෙසේවුවද බටහිරයන් පුටින්ව අත්තනෝමතිකයෙකු සහ මිනීමරුවෙකු ලෙස හුවා දක්වයි. යුක්රේන ජනාධිපති ව්ලද්මීර් සෙලෙන්ස්කි ඉරිදා ප්‍රකාශ කළේ පුටින්ට සදාකාලිකව පාලනය කිරීමට අවශ්‍ය බවත් ඡන්දය නීත්‍යානුකූල නොවන බවත්ය.

https://www.reuters.com/world/europe/russias-presidential-vote-starts-final-day-with-accusations-kyiv-sabotage-2024-03-17/

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!