1.6 C
New York

ඉඩම් ආරවුල හිමිනම අපවත් කරයි

Published:

ගම්පහ, මල්වතුහිරිපිටියේ විහාරස්ථානයකට පැමිණ දානය වළඳමින් සිටි භික්ෂුවකට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කාලයක සිට පැවැති ඉඩම් ආරවුලක් හේතුවෙන් විය හැකියැයි පොලිසිය සැකකරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කහටාන, ඝනාරාම මහා විහාරස්ථානයේ වැඩසිටි කළපළුවාවේ ධම්මරතන නමැති 45 හැවිරිදි භික්ෂුවකි.

කාලයක සිට ඇති ආරවුලක් හේතුවෙන් එම භික්ෂුව දහවල් කාලයේ දී මල්වතුහරිපිටිය විහාරස්ථානයට පැමිණ දානය වළඳා නැවත විහාරස්ථානයට යන බව ද අනාවරණය වී තිබේ.

අද (23) පෙරවරුවේ සුපුරුදු පරිදි එම විහාරස්ථානයට පැමිණ දහවල් 12.15ට පමණ දානය වළඳමින් සිටිය දී සුඛෝපභෝගී රථයකින් පැමිණි සිවුදෙනකු තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බවත් හිමිනම සතුව මත්ද්‍රව්‍ය ඇතැයි ඔත්තුවක් ලැබී ඇති බැවින් පරීක්ෂාකළ යුතු බවත් පවසා මෙලෙස වෙඩි තබා පළා ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

වෙඩි වැදුණු භික්ෂුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

Related articles

Recent articles

spot_img