14.9 C
New York

වෛද්‍ය තර්ජනයට ආණ්ඩුව බිය වෙයි

Published:

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව ගෙවීම අත්හිටුවීමට ගත් තීරණය නැවත හකුළා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කිරීම‍ හේතුවෙන් හෙට (24) සිට රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය නවතා දමා ඇත.

ජනවාරි 24 වැනි දා සිට රුපියල් 35,000.00ක මෙම දීමනාව ගෙවීමට රජය කලින් තීරණය කර තිබිණි. ඉන් පසු ඊයේ (23) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී තිබුණේ ‍එම දීමනාව ගෙවීම අත්හිටුවූ බවයි. ඒ අනුව හෙට (24) සිට දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇරඹීමට වෛද්‍යවරුන් තීරණය කර තිබිණි.

කෙසේවෙතත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක සදහන් වන්නේ මීට පෙර එය අවලංගු කිරීමට නිකුත් කළ මුල් ලිපිය නව ලිපිය මගින් අවලංගු කරන බවයි.

ඒ අනුව වෛද්‍ය වැඩ වර්ජනය අතහැර දමා තිබේ.

Related articles

Recent articles

spot_img