Deprecated: Function jetpack_form_register_pattern is deprecated since version jetpack-13.4! Use Automattic\Jetpack\Forms\ContactForm\Util::register_pattern instead. in /home/ratasinhala/public_html/wp-includes/functions.php on line 6031
චීන තර්ජන මැද පැවැත්වුණ තායිවාන මැතිවරණය - Rata.lk
spot_img
spot_imgspot_img

චීන තර්ජන මැද පැවැත්වුණ තායිවාන මැතිවරණය

පුවත්

විදෙස්

තායිවානයේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා වන ඡන්ද විමසීම අද(13) පැවැත්විණ. කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතු ගණන් කිරීමේ ක්‍රියාවලියක් යටතේ අද රාත්‍රී වනවිට ප්‍රථිඵල ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව එරට රාජ්‍ය මාධ්‍ය පවසයි.

මිලියන 24 ක ජනතාවක් සිටින තායිවානය ස්වයං-පාලන දිවයිනකි. නව ජනාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තුව යන දෙකම තෝරා ගනු ඇත්තේ චීනය සමඟ දැඩි ආතතියක් පවතින අවස්ථාවකදී ය. එම ආතතීන් චීන නායක ෂී ජින්පින් යටතේ වඩාත් බලවත් විය.

මැතිවරණ ව්‍යාපාරයේදී ජීවනෝපාය ගැටලු මෙන්ම තම ඒකාධිපති අසල්වැසියා වන චීනය සමග කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්දව ද ප්‍රබල සංවාද ඇතිවිය.

චීනය පවසන්නේ තායිවානය ඔවුන්ට අයත් භූමි ප්‍රදේශයක් බවයි. තායිවාන අහසේ සැරිසරන චීන ප්‍රහාරක ජෙටි යානා සහ තායිවාන මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන චීන යුධ නෞකා සුලභ දසුනකි.

ඡන්ද ප්‍රතිඵල මගින් තායිවානයේ අනාගතය තීරණය කරනු ඇතිවා පමණක් නොව, චීනය සමඟ එහි සබඳතා යළි හැඩගස්වා ගැනීමටද හැකිවනු ඇතැයි විචාරකයෝ පවසති. භූමියේ ගැටලු ස්ථාවර කිරීමට එක්සත් ජනපදය හා චීනය දරන නවතම උත්සාහයන් සඳහා පරීක්ෂණයක් ලෙස ද මැතිවරණය හැඳින්විය හැකි බව ඔවුහු පවසති.

https://edition.cnn.com/2024/01/13/asia/taiwan-presidential-election-voting-intl-hnk/index.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!