spot_img
spot_imgspot_img

බලු මස් වෙළඳාම තහනම්

පුවත්

විදෙස්

2027 වර්ෂය වන විට සුනඛයන් ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මස් සඳහා විකිණීම නතර කිරීම සඳහා නව නීතියක් දකුණු කොරියාව විසින් සම්මත කර තිබේ.

බලු මස් කෑමේ සියවස් ගණනාවක් පැරණි පුරුද්ද අවසන් කිරීම නීතියේ අරමුණයි.

පසුගිය දශක කිහිපය තුළ දකුණු කොරියාවේ රාත්‍රී භෝජන සංග්‍රහයන් සඳහා බලු මස් වලට ඉල්ලුමක් නොතිබිණ. විශේෂයෙන්ම යෞවනයන් එයින් වැළකී සිටීම මෙයට හේතුව විය.

නීතියට අනුව, පරිභෝජනය සඳහා බල්ලන් ඇති දැඩි කිරීම හෝ ඝාතනය කිරීම තහනම් කරනු ලබන අතර බලු මස් බෙදා හැරීම හෝ විකිණීම තහනම් වන අතර එසේ සිදුකරන්නන්ට සිර දඬුවම් නියම කළ හැකිය.

එනම් මස් සඳහා බල්ලන් දඩයම් කරන අයට වසර තුනක සිරදඬුවමක් නියම විය හැකි අතර මස් පිණිස බල්ලන් ඇති කරන හෝ බලු මස් විකුණන අයට උපරිම වශයෙන් වසර දෙකක සිර දඬුවමක් නියම කළ හැකිය. කෙසේ වෙතත්, බලු මස් පරිභෝජනය නීති විරෝධී නොවේ.

නව ව්‍යවස්ථාව වසර තුනකින් ක්‍රියාත්මක වන අතර එමඟින් ගොවීන්ට සහ ආපනශාලා හිමියන්ට විකල්ප රැකියා සහ ආදායම් මාර්ග සොයා ගැනීමට කාලය ලබා දේ. ඔවුන්ගේ ව්‍යාපාර ක්‍රමානුකූලව ඉවත් කිරීමේ සැලැස්මක් ඔවුන්ගේ පළාත් පාලන ආයතන වෙත ඉදිරිපත් කිරීමට ඔවුන්ට සිදුවනු ඇත.

බලු මස් ගොවීන්ට, මස් වෙළෙන්දන්ට සහ ආපනශාලා හිමියන්ට පූර්ණ සහයෝගය ලබා දෙන බවට රජය පොරොන්දු වී ඇති අතර, ඔවුන්ගේ ව්‍යාපාර වසා දැමීමට බල කෙරෙනු ඇත, නමුත් වන්දි ලබා දෙන්නේ ද යන්න පිළිබඳ විස්තරකර නොමැත.

රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2023 දී දකුණු කොරියාවේ සුනඛ මස් අවන්හල් 1,600 ක් සහ සුනඛ ගොවිපල 1,150 ක් පමණ තිබුණි.

සමහර වැඩිහිටි දකුණු කොරියානුවන් අතර “බොෂින්ටැං” නමින් හඳුන්වන සුනඛ මස් ඉස්ටුවක් ප්‍රණීත ආහාරයක් ලෙස සලකනු ලැබේ, නමුත් බලු මස් තවදුරටත් තරුණයින් අතර ජනප්‍රිය නොවේ.

https://www.bbc.com/news/world-asia-67920167

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!